
'වොක්ස්වැගන්” මෝටර් රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් පිහිටුවන බව පවසමින් පසුගිය යහපාලන රජය කුලියාපිටිය මහනුගලන්දවත්ත නමැති ඉඩමක් පවරා ගෙන එහි තිබූ කුඹුක්, මී හා පොල් ඇතුළු වටිනා ගස් දහස් ගණනක් කපාගෙන යෑම ගැන පරීක්ෂණයක් පවත්වන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවැසීය.
වටිනා ගස් ටික කපා ගත්තද එහි වොක්ස්වැගන් කම්හලන් ඉදි නොවුණු බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පරිසර විනාශය සම්බන්ධයෙන් අද කෑගහන දඟලන උදවිය එදා ඒ ගැන නොසිතූ බවක් චන්ද්‍රසේන මහතා ඒ ස්ථානයේ විශාල පරිසර විනාශයක් සිදුවී තිබෙන බවද පැවැසුවේය. මේ ඉඩම පවරා දීමේදී බරපතළ අක්‍රමිකතාවක් වී තිබෙන බවත් මහා භාරකාර දෙපාර්තමේන්තුව යටත්තේ තිබූ ඉඩමක් ආයෝජකයන්ට මෙසේ ලබාදීම ද වරදක් බවත් ඇමැතිවරයා කීය.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval