පාකිස්තානය තුළ මුදල් ගෙවා COVID-19 එත්තත් මිලදී ගැනීමේ අවස්ථාව පසුගිය සති අන්තයේදී ආරම්භ කෙරිණි. ඒ අනුවර කරවි නුවර දීගලික රෝහල් ඇතුළු ස්ථාන කිහිපයකදීම මෙම එන්නෙත් අලෙවි කිරීම සිදුව තිබේ.  එහිදී නගරයේ වෙසෙන තරුණියන් දහස් ගණනින් එක්නත මිලදී ගැනීමට පැමිණ සිටි බවත්, ඉරිදා දිනය වනවිට ස්ථාන කිහිපයකම එන්නත් සියල්ලම පාහේ අලවි වී තිබූ බවත් විදෙස් මාධ පවසයි.  පාකිස්තානය මේ වනවිට එරට සියලුම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම වයස අවුරුදු 50ට වැඩි පිරිස් වෙත නොමිලේ COVID-19 මර්දන එන්නත් ලබාදීම සිදු කරයි. ඒ අතරතුරදීම සාමාන්‍ය මහජනතාව සදහා මෙම එන්නත් වාණිජ ආනයනය කිරීමට සහ බෙදාහැරීමටද පොද්ගලික අංශය වෙත අවස්ථාව ලබා දී තිබේ.



එහි ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත් පාකිස්තානය වෙත ලැබී ඇති අතර, එලස ලැබුණු රුසියාවේ නිපදවූ Sputnik-V එන්නත් මාත්‍රා දෙකක් අඩංගු කට්ටලයක් පාකිස්තාන රුපියල් 12,000ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 16,000ක පමණ මුදලකට මිලදී ගත හැකිය. මෙහිදී මුදල් ගෙවා එන්නත් විඳගැනීමට බලාසිටි පිරිසගෙන් එම ස්ථානවල දිගු පෝලිම් නිර්මාණය වී තිබූ බවත්, නොමිලේ ලබාදෙන එන්නත් සදහා සුදුසුකම් නොමැති පාකිස්තාන තරුණ තරුණියන් මෙම අවස්ථාවට සහභාගි වී සිටි බවත් පැවසෙයි.