
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
එළෙඹන දීර්ඝ සති අන්තයේ නිවෙස් තුළටම වී රැඳී සිටින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම විශාල වශයෙන් ජනතාව ගැවෙසෙන ස්ථානවලට යාමෙන් ද වළකින ලෙස අද පෙරවරුවේ යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
උත්සව සමයේදි මහජනතාවගේ හැසිරීම අනුව ඉදිරි සති කිහිපය තීරණාත්මක වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval