pushpika-speaks

*single mom කෙනෙක් විදිහට ඔයාගේ acceptance speech එකෙත් ඔයා කතා කරා....ඒ වගේ ලංකාවේ ඉන්නවා සැමියන්ගෙන් වෙන්උන,single mom කෙනෙක් උන කාන්තාවන් ගොඩාක් ඉන්නවා...ඔයා මොකක්ද මේ ගැන කියන්නේ ?
        "දරුවෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ගැන කිව්වොත්....

පියාගේ භූමිකාව සහ මවගේ භූමිකාව කියන දෙකම කරන්න වෙනවා...ඒක ලේසි දෙයක් නෙවෙයි...කවුරුත් සර්ව සම්පූර්ණ නෑ...අපිට නොයෙකුත් කම්කටලු එන්න පුළුවන්...අපි හැමෝටම ප්‍රශ්න එනවා ජීවිතේට එතකොට අපි මානසිකව වැටෙන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක් මොකද අපි මිනිස්සු අපි ඒ හැමදේම දරාගන්න ඕන...



මොකද දරාගැනීම ඉවසීම කියනදේ කාන්තාවකට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්...ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න හොද රස්සාවක් කරලා හම්බ කරලා ඉතුරුවක් කරගන්න මොකද කව්රු අපිව දාලා ගියත් අපේ ආර්ථිකේ හදාගත්තොත් ඒ ශක්තිය තියෙනවා...ඉතිං අපි කාගෙන්වත් යැපෙන්න ඕන නෑ කියලා මට හිතෙන්නේ...කාන්තාව කියන්නේ ඇත්තටම ශක්තිමත් කෙනෙක්...දරුවෙක්ව බිහිකරීමේ වේදනාව අපිට දරාගන්න පුළුවන්නම් අනිත් දේවල් ලොකු ප්‍රශ්ණ නෙවෙයි කියලයි මම හිතන්නේ...මේ ලොකේ ඉන්න හැමෝම එකවගේ නෑ..

මොකද එක එක අයගේ එක එක දක්ෂතා තියෙන්නේ...මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් දෙවියන් වහන්සේ එවලා නෑ කියලා මම හිතන්නේ....හොද අවවාද ගන්න හොද කෙනෙක්ගෙන්...තමන් තමන්ගේ හිතත් එක්ක කතා කරන්න තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ මොකටද කියලා තේරුම් ගන්න....ගම් වල උනත් ගොඩාක් දක්ෂ කාන්තාවන් ඉන්නවා....මම මට ලැබුනු අත්දැකීම් එක්ක මගේ පවුලේ අය යාළුවෝ මට ගොඩාක් ශක්තියක් උනා...හැබැයි ඒ වැටිච්ච හැමතැනදිම මම මගේ හිත ශක්තිමත් කරගත්තා...

මට දරුවෙක් ඉන්නවා මම කවදාහරි මේ දරුවව ගෞරවාන්විත දරුවෙක් කරන්න මට ලොකු වගකීමක් තියෙනවා ඒ නිසා මම මගේ ජීවිතේ ගෙනියනවා....

මම කියන්නේ ඒ උත්සහය අත්නොහරින්න කවදාවත් තමන්ගේ බලාපොරොත්තු සුන් කරගන්න එපා...තමන්ගේ අරමුණු එක්ක ජීවත්වෙන්න ඒ අරමුණු  කරා යන්න එක විනාඩියක්වත් අපතේ යවන්න එපා...හැමදාම තමන්ගේ අරමුණු වෙනුවෙන් ජීවත් වෙන්න...mrs sri lanka කිරුළටත් වඩා මම ලබපු මේ කිරුළ මම මේ මුළු ලෝකෙම ජයගත්තා වගේ දැනෙන්නේ....

මේ රටේ ඉන්න සියළුම කාන්තාවන්ට මම ශක්තියක් වෙනවා...මම එයාලව ධෛර්යමත් කරනවා...මට පුළුවන් විදිහට ඔවුන් වෙනුවෙන් සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.....