
කොවිඩ් 19 වෛරසය යළි ව්‍යාපතිය ඉහළ යාම හේතුවෙන් පාසල් වසා දමන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි.
පවතින තත්ත්වය පාසල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර තිබෙන හෙයින් දරුවන් පාසල් එවීමට දෙමව්පියන් මැලිකමක් දක්වමින් සිටින බව එම සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව උත්සව සමයෙන් පසු පාසල් ආරම්භ කළත් දරුවන් පාසල් වෙත පැමිණීම තත්ත්වයක පවතින බව ප්‍රනාන්දු මහතා කියා සිටියි.
පවතින තත්ත්වය මත පාසල් පද්ධතිය තුළද විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුව ඇති හෙයින් යම් කිසි කාලයකට නැවත පාසල් වසා දමන ලෙස ලංකා විදුහල්පති සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval