india-hospital-fire

අද (23) සිකුරාදා අලුයම 3.30 ට පමණ ඉන්දියාාවේ මහාරාෂ්ට්‍රයේ විරාර් වෙස්ට් හි පිහිටි විජේ වල්ලබ් පුද්ගලික රෝහලේ දෙවන මහලේ පිහිටි දැඩි සත්කාර ඒකකයේ හදිසි ගින්නක් හටගැනීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීක් වාර්තා විය.


දැඩි සත්කාර ඒකකයෙන් පිටත ඇතිවූවායයි සැකකරන ගින්නෙන් පිටවූ ගිනි පුපුරු ඔස්සේ ගින්න පැතිරී තිබේ.
ගින්න පැතිරගිය අවස්ථාවේ දැඩි සත්කාර ඒකකයේ එකම හෙදියක් හෝ එකම වෛද්‍යවරයකු නොසිටි බවට රෝගී පවුල්වල සාමාජිකයෝ චෝදනා කරති. වගකිවයුත්තන් ගින්න ගැන දැනගන්නා විට වාට්ටුව පුරා ගින්න පැතිරී හමාරය.
 අනතුර සිදුවන අවස්ථාවේ රෝගීන් 15 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටි අතර ඉන් 13 දෙනෙකු මිය ගියහ.
ඇසින් දුටු සාක්ෂිකරු පැවසුවේ - දැඩි සත්කාර ඒකකයේ ගිනි නිවන යන්ත්‍රයක්වත් නොතිබූ බවයි. රෝහලේ සෝපානයද අක්‍රීයව පැවතිණි.
ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන අවිනාශ් පටිල් කියා සිටියේ පුද්ගලික රෝහලක් වූ මෙහි දැඩි සත්කාර ඒකකයේ  රෝගියෙකු රෝහලට ඉන්දීය රුපියල් ලක්ෂ 3 ත් 4 ත් අතර මුදලක් ගෙවන නමුත් පහසුකම් නාමයෙන් කිසිවක් ලබා නොදුන් බවයි.

ගිනි ආරක්ෂණ උපකරණ ද මෙහි නොතිබුණි. දැඩි සත්කාර ඒකකයේ ගිනි නිවන යන්ත්‍රයක් තිබුනේ නම් ගින්න වහාම පාලනය කිරීමට ඉඩ තිබු බවද ඔහු පවසයි.
හෙදියන් පිටත සිටිමින් දර්ශනය නරඹමින් සිටියා පමණක් බවද සදහන් කර ඇත. ගින්නෙන් පසු දැඩි සත්කාර ඒකකයෙන් පිටත සිටියේ හෙදියන් 3 දෙනෙකු පමණක් බවත් වෛද්‍යවරුන් කිසිවෙකුත් එහි නොමැති බවත් හෙදියන් කිසිවක් නොකර සිටගෙන දර්ශනය නැරඹූ බවත් චෝදනා කර ඇත.
ටික වේලාවකට පසු ගිනි නිවන හමුදාව එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීම සිදු කළ බව වාර්තා විය.