renuka-perera

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.  නිවාස සංවර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට ඔහු විසින් විය භාර අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.  

රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ ඇතැම් කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත්, අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරී ධුරය සඳහා දුෂණ ක්‍රියාවලට සම්බන්ධ, විගණන පරීක්ෂණයක් මගින් වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකු පත් කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම බලපෑම් කළ බවත් රේණුක පෙරේරා මහතා සිය ලිපිය මගින් සඳහන් කරයි.


මෙම බලපෑම් සම්බන්ධව හා රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවට එකගතාව පළ කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරයාටත්, අමාතරංශ  ලේකම්වරයාටත් දන්වා සිටි බවද ඒ මහතා යොමු කළ ලිපියේ දැක්වේ.  දුෂිත නිලධාරීන් සමග ආයතනය තුළ කටයුතු කිරීමට එකග විය නොහැකි බැවින් තමන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඒ 'මහතා කියා සිටියි.