pushpika-de-silva-speaks

ජයග්‍රහණයෙන් පස්සේ.. සතුටුයිද‍?

සතුටට වඩා තියෙන්නේ මිසිස් ශ්‍රි ලංකා world 2020 තරඟාවලියේ මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියන දේ තමයි මගේ ඔළුවේ තියෙන්නේ ඇත්තටම.. 

මොකද මම මගේ ජිවිතේ කවදාවත් හිතපු නැති දෙයක් මට වුනේ..

හිතන්නේ නැති විදියට හිතන්නේ නැති වේලාවක බලාපොරෝතු නොවුන දෙයක්මට සිද්ධ වුනා.. හැබැයි ඒ දේවල් වලින් මාව කවුරු හරි වට්ටන්න හැදුවානම් මාව එහෙම දෙයක් කරලා අපහසුතාවයකට පත් කරන්න හැදුවා නම් එතනින් අපහසුතාවයට පත් වුනේ මම නෙමෙයි. ඒගොල්ලන්මයි.. මොකද ඒ වගේ දේවල් තවත් ගැනියේ තවත් ගැනියෙක්ට ඒ වගේ දේවල් කරන එකෙන් පිරිහෙන්නේ එයාලාම තමයි.. අපි හැමවෙලේම හිතන්න ඕන අපි මේ ලොකේට බිහි වුනා නම් අපිට යම් කිසි වගකීමක් තියනවා.. මැරෙන්න කලින් මේ රටට,ආගමට ,ජාතියට,කාන්තාවකට ,ජනතාවකට කරන්න ඕන සේවයක් තියනවා.. යම්කිසි කෙනෙක් මොනවාහරි දෙකින් ඉදිරියට යන්න හදනාකොට ඒ ගමන වලක්වන්න මොනවාහමරි කරන එක හොඳ දෙයක් නෙමෙයි.. මම මගේ ජිවිතේ කිසිම කෙනෙක්ට වල කපන කෙනෙක් නෙමෙයි.. මම දන්න හැමදේම මගේ පැජනට් එකේ හිටපු හැම ළමයෙක්ටම මගේ experience එක මම miss sri lanka for miss world පැජනට් එකට ගිහින් තියනවා 2011.  ඊටපස්සේ  tourism international pageant එකට ගිහින් තියෙනවා.. රටවල් 92 කින් හොඳම ජාතික ඇඳුම ජයග්‍රාහනය කරලා තියෙනවා.. top 20 select වෙලා තියෙනවා.. රැනක් එක තටින්.. top model of the world තරඟාවලියට ගිහින් තියෙනවා ඊජිප්තුවේ පැවැත්වුන. ඒ සියලු අතුදැකීම් එකක මම ඔය හැමදේම අත්හැරලා දාලා අලුතින් මේ පුෂ්පිකා ද සිල්වා කෙනෙක් මම මේ මෙතනට එන්නේ කියලා මේ හතරවැනි ජාත්‍යන්තර තරඟයට සහභාගී වුනේ.. අලුත් විදියට හිතලා මගේ රරට ගෞරවයක් සහ කීර්තියක් අතු කරලා දෙන්න බලාපොරොත්තුවෙන්. එ ළමයිට වුනත් මම හිතුවේ නැ මට experience ගොඩක් තියනවා..මම තමයි මෙතන සිනියර් කෙනෙක්. එහෙම මම කොයි වෙලේවත් හිතුවේ නැහැ. මම හිතුවේ මම මේ යන ගමන එක්ක මගේ level එකටම ඉතිරි 19 දෙනාවත් හදන්න ඔුනේ. මම හැමතිස්සේම දන්දිමල්ටත් කියනවා. මට ඕන වුනේ standed pageant කරන්න. ඉතිං මගේ චේතනාව වුනේ එක. නමුත් අන්තිමේදී ඇත්ත ජයගත්තා.

මම එයාලාගෙන් ඉල්ලා සිටිනවා මින් ඉිදිරියටවත් එගොල්ලොත් පාඩමක් ඉගෙන ගත්තා නම් මේ වගේ කාන්තාවකට හතුරෙකුටවත් කරන්න එපා කියලා. ඒ දේවල් වලින් තමන් තමන්ගේ ආත්මයම තමයි විනාශ කරගන්නේ..

පුෂ්පිකා ඔබේ මිසිස් ශ්‍රි ලංකා  කිරුළ ඒ ජයග්‍රහනය ප්‍රවෘත්තියක් වෙනවාට වඩා බොහොම ඉක්මනට ශිඝ්‍රයෙන් පැතිරිලා ගිය දෙයක් තමයි එදා වුන සිදුවීම.වාර්තමානේ එය නීතිමය කරුණු කරණාවලටත් පෙළඹිලා තියෙනවා. ඔබ රෝහල්ගත වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යයෙන් පවා මේ සිදුවීම වාර්තා කලා?

ඇත්තටම මටත් හිතාගන්න බැ එදා සිද්දවුණ සිදුවීම ඊටපස්සේ උදේ නැගිට්ටාට පස්සේ තමයි මම දන්නේ  shok. මට එන call ප්‍රාමාණය එක්ක මට එන මැසෙජ්. මට නිකන් දැනටත් හීනයක් වගේ. මට කිරුළකට වඩා මගේ ආත්ම ගරුත්වය වටිනවා.මට කිරුළු එකක් නෙමෙයි 500 පැළැන්ඳුවත් මට වැඩක් නැ. මාව අපකිර්තීයට ලක් කරලා ඉවරයි. මම මගේ ආත්ම ගරුත්වය පවා දෙන කෙනෙකුත් නෙමෙයි. මම දරුව ගැන හිතන කෙනෙක්. දරුවගේ අනාගතේ ගැන හිතන කෙනෙක්. මාව බිහිකරපු දෙමාපියන්ගේ කිර්තිනාමය ගැන හිතන කෙනෙක්. මේ ඉගෙන ගත්ත පාඩම මගේ ජිවිතේ ලොකු turning point එකක්.මට මේ දැන් වෙන හැම දෙම වුනත් හරි අමුතුයි.මට එක කියාගන්න තෙරේන්නේ නැ..


මේ වෙද්දි පවතින නීතිමය තත්වය මොකද්ද?
ඇත්තටම කිව්වොත් පොලිසියෙදි අපි පැය හතරක් 10 ඉඳන් දහවල් 2 වෙනකන් අපි මේ ප්‍රශ්නෙත් එක්ක ඔට්ටු වුනා. මට මේ ප්‍රශ්නේ දුරදිග ගෙනියන්න ඕනකමක් තිබ්බේ නැහැ. එයාලා මාව මුළු ලෝකයක් බලාගෙන ඉද්දී අපකිර්තියට ලක් කරන්න පුළුවන් වුනාට මට එයාලාව එහෙම කරන්න ඕනේ නැහැ. මම හැමතිස්සේම හිතන්නේ මමත් අම්මා කෙනෙක්. එයාලාත් අම්මලා. වෙන කෙනෙක් නම් මේ වුන දේට නැ අපි සමාදාන වෙන්න ඕනේ නැ මම නීතිමය ක්‍රියා මාර්ග වලට යනවා එහෙමයි හිතන්නේ.. නමුත් මගේ යාළුවෝ පවා කියනවා පුෂ්පිකා ඔයා මොනතරම් great ගෑනියෙක්ද ඔයාට මාර ඉවසිමක් තියෙන්නේ. මේක දුරදිග ගෙනියනවට වඩා මේක අපේ ලංකාවට ලොකු අගෞරවයක්. මේක අපි නවත්නන ඕනේ. මම හැම වේල්ම හිතුවා මේක සමථයකට පත් කරන්න ඕනේ. හැබැයි කතා කරා.  පැය 4ක් තිස්සේ කතා කරා.


මොකද්ද ඔබ මුලින්ම ගිහිල්ලා දාපු පොලිස් පැමිණිල්ල?
 මම කිව්වේ මම මෙහෙම තරඟාවලියකට සහාභාගී වුනා මාස 3ක කාලයක් තිස්සේ.. අවසන් මහ තරඟය 4 වැනිදා නෙළුම් පොකුණේ තිබුනා. විනිශ්චමණ්ඩලයේ තීරණය මත මම ජයග්‍රාහණය කරා. මම ජයග්‍රාහණය කරාට පස්සේ හිතාගන්න බැරි විදියට කැරොලයිනුයි , චූලායි ඇවිල්ලා මගේ crown එක ගැලෙව්වා.මාව ඉතාමත් අපහසුතාවයට පත් කරා. එතනදී කැරොලයින්ටයි චූලාටයි කෙහෙත්ම අයිතියක් නැ විනිශ්චමණ්ඩලය තීරණය කරාට පස්සේ ශිරාන්ති රාජපක්ෂ, විපක්ෂ නායකතුමාගේ බිරිඳ ජයනි ප්‍රේමදාස එ වගේම අපේ පුරපතිනිය රෝසි සේනානායක මැතිණිය ඒ හැමොම ඇවිල්ලා shash එක පළඳාලා මල් bouquet  දීලා  crown එක දාලා එච්චර ලස්සනට මේ වැඩසටහන කරා. ඒ කරපු හැමදේම එක තප්පර ගනකින් නැති කරා. ඒක ලොකු විනාශයක්..මේක ලොකේ ගොඩක් කතා වුනේ මේක ලංකාවට කරන ලොකු අගෞරවයක්නේ මේක.. මේක ලංකාවේ නමට කැළැලක්.



මේ වෙද්දි ඔබේ පැමිණිල්ල කොයිතරම් දුරට අරගෙන ගිහින් තියෙනවද?කතා බහා කරලා විසදගන්න මට්ටමට ඇවිල්ලාද?
කතා රකලා විසඳගන්න මට්ටමකට ආවා. කැරලොයිනුමයි චූලායි මයික් එක අරගෙන මුළු ලෝකයක් ඉස්සරහා මගේ crown එක ගලවන්න එච්චර ගට්ස් තිබුනානේ.. මම ඉල්ලුවේ මෙච්චරයි අපි උසාවි යන්න ඕනේ නැ අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යටන්න ඕනේ නැ.මට වන්දි අවශ්‍ය නැ. එක දෙයයි ඉල්ලන්නේ.. press conference එකක් තියලා මගේ නම mention කරලා මගෙන් සමාව ඉල්ලන්න මේ කරපු දේ මතක් කරලා දීලා. ඒත් බැ කිව්වා. එක්කෙනෙක්(චූලා) අනිතිමේදී  තනියෙන්ම විඩියෝ එකක් කරලා එහෙම කැමති වුනා. මම කිව්වා නැ අපි වෙන වෙනම එහෙම කරන්න අවහ්‍ය නැහැ.ඔයාලා මේවා එකට කතා කරලා Plan කරලා මාව අපහසුතාවයට පත් කරා නම් එකටම කතා කරලා මේ වුන වැරැද්ද නිවරදි කරලා මගෙන් සමාව ඉල්ලන් කියලා. එනදී එයාලා එකට flexible වුනේ නැහැ.. මගේ නීතිඥතුමියත් හරිම disappointed.එයා ගොඩක් කාන්තවන්ගේ ප්‍රශ්න විසඳලා තියනවා කිව්වා. මේ වගේ කාන්තාවක් කම් දැකලා නැ කියලා කිව්වා. කැරොලයින් කිව්වා එයා කැමති නැ කියලා මගේ නම mention කරලා සමාව ගන්න.. මගේ නීතිඥතුමියත් ගොඩක් උත්සහා කරා පැය 4ක් තිස්සේ මේ ප්‍රශ්නේ මෙතනින් විසඳලා ඉවරයක් කරන්න..  ඇඟේ කැල්ලක් යන්නේ නැනේ සමාව ඉල්ලුවා කියලා.. එතනදී මමයි නීතිඥතුමියත් කතා කරලා නිතීමය ක්‍රියාමාර්ග වලට යමු කියලා තීරණය කරා.


මේ සිදුවීමත් එක්ක ඔබටත් සෑහෙනන් චෝදනා පත්‍රයක්  ලංකාවේ සමාජ මධ්‍ය යේ දැක්කා එල්ල කරනවා.විශේෂයෙන් ඔබේ විවාහය,දේශපාලනය මේ ඩීල් එකක් දාගෙ/න කරපු වැඩක්ද මේකට සෑහෙන්න මුදලක් ඔබ වියදම් කර කියලා.ඔබ ඩීල් එකක් දාගෙනද මේ තරඟයට ඉදිරිපත් වුනේ?
මගේ ජිවිතේ මම කිසිම දවසක සල්ලි දීලා කිසි දෙයක් ලබා ගන්න ඕන කෙනෙක් නෙමෙයි. මොකද මට ලස්සන තියෙනවා. මට හොඳ ආත්ම විශ්වසයක් තියෙනවා. මට දක්ෂතාවය තියෙනවා.. එහෙම නැති අය තමයි සල්ලි දීලා ඒවා කරගන්නේ.. මම ඒ තත්වෙට පත්වෙන කෙනෙක් නෙමෙයි.. මම මුල ඉඳන්ම සාධාරණ විදියට පුහුණුවීම් කටයුතුවල ඉඳන්ම mini titles වල ඉඳන්ම මහ තරඟය දක්වාම පුදුම කැපකිරීමක් කලා.


ඔබ මේ තරඟයට ඉදිරිපත් වෙද්දී මෙකේ application  එකේ මොනවද තිබ්බ ප්‍රධාන කරුණු කරණා?
 විවාහක රූ රැජින තරඟයෙන් බලාපොරොත්තු වෙන්නේ කරණා තුනයි. එකක් වයස අවුරුදු 18 වැඩි වෙන්න ඕනේ. දෙක ශ්‍රි ලංකික පුරවැසියෙක් වෙන්න ඕනේ..ඊළඟට ඒ තරඟේට අයදුම් පත්‍ර එවන වේලාවේ දී එයා විවාහ වෙන්න ඒනේ.. ඔය තුනේම සුදුසුකම් මට තියෙනවා. පුෂ්පිකා කියන කෙනො සමාන්‍යයෙන් මෝඩ තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. මම ඒ හැමදේම හොයලා බලලා ආදාළ පාර්ශව වලට කතා කරලා තමයි මම මේකට සහභාගී වුනේ.

දික්කසාද නඩුවක් තිබෙන එක එවැනි තරඟයකට සහභාගි වෙන්න නුසුදුසුකමක් වෙන්නේ නැද්ද?
නැ.. එක world pageant එකෙත් දැනටම කියලා තියෙනවා.

එ කියන්නේ දික්කසාදයක් වන තුරු නීතිමය තත්ත්වයෙන් ඇයට සුදුසුකම් තියෙනවා?
ඕව්.. තියෙනවා. මම හෙට ඩිවෝර්ස් වුනත් මම අදටත් විවාහකයි. divorce paper එකක් එනවානේ document එනවානේ.. එතකන් මම විවාහකයි. අදටත් මම විවාහකයි.


ඔබේ ඔය තිබෙන විවාහය ම්බන්ධයෙන් ගැටළුව මේ තරඟය ඇතුලේදී judge board එක හෝ මෙකේ national director හෝ කැරලයින් ජූරි හෝ ඔබෙන් විමසුවාද?
මම ඕන තැනක කියලා තියනවා මම single mom කියලා. එක ඕනම කෙනෙක් දන්නවා. ඉතිං කැරොලයින් වුනත් චන්දිමාල් වුනත් එ් දේ දන්නවා.

කැරොලයින් ඔය සම්බන්ධයෙන් ඔබෙන් විමසුවාද?
ඔව් කතා කරා. නමුත් තරඟයේ world pageant එකේ document බැලුවට පස්සේ ඉතිං තියනවා divorce වුන කෙනෙක්ට විතරයි මේ තරඟයට එන්න බැරි විවාහක කෙනෙක්ට පුළුවන් කියලා.


ඔබේ දේශපාලන බලපෑම් මේකට පාවිච්චි කරාද?
 නැ.. දේශපාලනය කෙහෙත්ම අදාළත්වයක් නැ. දේශපාලනයේ මෙතන සම්බන්ධකම් තිබ්බත් මේ beauty pageant එකට දේශපාලනය කෙහෙත්ම අදාළත්වයක් නැ.


සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකේ වාර්තා කරනවා දැක්කා මේක දේශපාලන ගණුදෙනුවක් හින්දා කියලා?
දේශපාලනයේ connection හොඳයි ඉතිං nomination ගන්න.නමුත් beauty pageant එකට දේශපාලනය කෙහෙත්ම අදාළත්වයක් නැනේ.. එහෙනම් 1st runner up වෙච්ච අයිෂ්ගේ husband නුත් එහෙනම් හිටපු පර්ලිමේන්තු ඇමති කෙනෙක්. මෙතනට දේශපාලනය සම්බන්ධ නැහැ..

අනිත් තරඟකරුවන්ට වඩා ඔබට ෆේවරේෂන් තිබුනා කියලා මම දැක්කා බෙහෝ තැන් වල සඳහන් වෙලා තියෙනවා ?
ෆේවරේෂන් එකක් නම් ඇත්තටම ලැබුනේ නැහැ. නමුත් තරඟය පුරාවටම පළවැනි දවසේ ඉඳන් අවසාන වෙනකන්ම රියසල්ස් කරද්දී වුනත් රුක්මල් වුනත් කිව්වේ ළමයිගෙන් වුනත් ඇහුවේ ඇත්තටම හෙතන කවුද හරියටම කරන්නේ එතකොට එ ළමයිගේ කටින්ම කියවිලා තියෙනවා පුෂ්පිකා කියලා.. මොකද මට තියෙන අත්දැකීම් අනිත් අයත් එක්ක බලද්දී වැඩැයි.. එත් එතනත් ලස්සන දක්ෂ ළමයි හිටියා.. කටවත් චෝදනා කරන්න බැහැ මම මේ කිරුළ අසාධරණ විදියට ගත්තා කියලා..මම මහන්සි වෙලා diet කරලා gym ගිහිල්ලා කැප කිරීම් කරලා මම හිතන්නේ world pageant එකට යද්දීවත් මම මේ තරම් කැපකිරීම් කරලා නැතුව ඇති.  එක දන්නේ මම සහ මගේ දෙමාපියන් සහ මාත් එකක් හිටිය අය විතරයි.


ඔය සිදුවීමෙන් පස්සේ ඔබ රෝහල් ගත වුනා.ඇත්තටම මොකද්ද වුනේ ඔබට?
පහුවදා උදේ මම පොලිසියට ගිහිල්ලා ගෙදර එනකොට පාන්දර 4 - 4.30 විතර වුනා. උදේ තමයි මම මගේ කොණ්ඩේ wash කරේ. ඔළුව දන්න ගත්තා. මගේ අක්කා ඔළුව බලනකොට ඔළුව සිරිලා තිබුනා තුවාල වෙලා තිබුනා ඔළුව දැනටත් ගෙඩි ගැහැලා තියෙන්නේ. ඕනම කෙනෙක් දැක්කා මගේ crown එක දාපු විදිත් දැක්කා ගලවපු විදියත් දැක්කා. දැම්මා නෙමේ crown එකෙන් ගැහුවා මෙහෙම මට. මම එ වෙලේ ටග්ගලා එයා දිහා බලනවා.. crown එක දාලා වැටෙන්න ගියා pin කරේ නැ. ඊටපස්සේ ගලවන්න බැරි විදියට චන්දිමාල් ඇවිල්ලා හොඳට pin කරා.. pin  කරනකොටත් ටග්ගලා යන්න ගියපු ගමන් කැරොලයින් බලන් ඉඳලා  ඊටපස්සේ එයා එකපාරට crown එකෙන් දත්මිටි කාලා ගැහුවා වගේ නිකන් crown එකෙන් ගහන්නේ තරහට වගේ.. මුකුත් කිව්වේ නැ crown කරන වෙලේ.. hug කරේවත් නැ. wish කරේවත් නැ. ඊටපස්සේ චන්දිමාල් ඇවිල්ලා pin කරා.. බහින්න යද්දී කැරෝලයින් වැටෙන්න  ගියා. වැටෙන්න ගිහිල්ලා එතන හිටියා මම හිතන්නේ අයිෂ් මම හිතන්නේ එයාව අල්ලගෙන hug කරලා කනට කරලා මොනවාහරි මම හිතන්නේ කිව්වා. එ වෙලේ බය වෙන්න එපා හරි මොකක්හරි දෙයක් කිව්වා..එතන මොකක්හරි plan එකක් තිබ්බා. මම ඒක අය කිව්වා පුෂ්පිකා මෙගොල්ලන් ඔයා එක්ක ඉන්නේ මාර game එකේ.. බලාගෙන් මොනවහරි දෙයක් ඔයාට කරන්න ඉන්නේ කියලා කිව්වා.


කැරොලයින් ඔබත් එක්ක පෞද්ගලික තරහක් තිබ්බද?
කිසිම පෞද්ගලික තරහක්  තිබ්බේ නැ.මාත් එක්ක හොඳට හිනාවෙලා කතා කරලා එහෙම . නමුත් ඔය අතරතුර මට mini pageant රියසලස් වලට ආවාහම ටිකක් අමුතුවට හිටියේ. එයා ඇවිල්ලා අපිත් එක්ක කතා බහා කරනකොට එයා හරියට face කරන්නේ නැ මට. මට තෙරෙනවා එයාගේ හිතේ මොනවාහරි දෙයක් තියෙනවා කියලා.මම චන්දිමල්ටත් කිව්වා මට කැරොලයින් ඇවිල්ලා එක එක hint පාස් කරනවා මට එක හරි නැ වගේ කියලා.එත් චන්දිමාල් කිව්වා අනේ නැ පුෂ්පිකා national costume mini pageant එකෙත් ඔයාට high marks දීලා තිබ්බා. එහෙම නැ එයා කියලා.. ඉතිං එයා අරම වැටෙන්නත් ගිහිල්ලා crown එකත් දාලා ඔක්කොමත් කරලා තුන්දෙනාම ඉස්සරහට ගියාට පස්සේ තමයි කැරොලයින් ඇවිත් මගේ crown එක ගලවන්නේ. මොකද අර music සද්දේ නිසා මට ඇහෙන්නේ නැ..මම හිටියේ හොඳට enjoy කර කර.  මට අහෙනවා backstage එකේ මොනවාහරි සද්ද බද්ද. එකපාරට ඇවිල්ලා මගේ crown එක .. මම හිතුවා චන්දිමාල්වත් ඇවිල්ලා මගේ crown එක pin කරනවද දන්නේත් නැ කියලා බලනකොට කැරොලයින්. ඊටපස්සේ හයියෙන් ඇද්දා crown එක. මම ඇහුවා ඔයා මොකද්ද කරන්නේ කියලා. චූලා එන්න චූලා එන්න මේක ගලවන්න කියලා කිව්වා.දැන් ඔයා ගිහිල්ලා ඔයා ඔයාගේ මිනිහා එක්කන් එන්න කියලා කිව්වා.හරි කැතයි.මම හරිම කණගාටු වෙනවා ඒ කතා කරපු විදියට කැරොලයින්. ඊටපස්සේ චූලාත් හරිම කැත විදියට පරුෂ වචන වලින්  බැන්නා.. එත් මම පුදුම ඉවසීමකින් එතන හිටියා. මේ හැමදේටමත් වඩා මට වටින්නේ ඉවසීම කියනදේ.. ඊටපස්සේ මම කොහොමහරි ගියා backstage එකට. මෙයාල මෙහෙම කරේ කොහොමද කිසිම අයිතියක් නැ මෙයාලට මෙහෙම කරන්න කියලා.. බලනකොට එතන චන්දිමාල්,රුක්මාල් හිටියේ නැහැ. results sheet එක්කොමත් අරගෙන එයාලාට හානියක් කරයි කියන බයට මෙයාලා මොකකහරි room එකක වහලා තිබ්බා. ඊටපස්සේ කෙහොමහරි  මම එතන 119 ගහලා පොලිසියට කතා කරා එයාලා ඊටපස්සේ ආවා. ඊළඟට මම කුරුඳුවත්තේ පොලිසියට ගිහිල්ලා මට වුන අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා මම entry එක දැම්මා. ඊටපස්සේ උදේ මාව හිතන්නේ නැති විදියට කලන්ත හැදුනා. ඊටපස්සේ මට වමනේ ගියා. කන්න බැරි වුනා. මගේ පේෂර් එකත් වැඩි වෙලා..


පුතා කොහොමද මේ සිදුවීමට මුහුණ දුන්නේ?

පුතා ඇත්තටම පව්... ඒ වෙලාවේ ගියා backstage එකට ඇවිල්ලා අර සද්ද බද්ද එක්ක එයා බය වුනා.. අම්මි යමු අම්මි යමු කිව්වා.මට මේ ඔක්කොටම වඩා  මට මගේ ළමයා අඬනවා නේද , ළමයා මනසිකව වැටෙනවා නේද මට ඒ දේවල් බලාගෙන ඉන්න බැ.. මට මේ ඔක්කොටම වඩා දරුවාගේ සතුටයි වැදගත්. මම එයාව තනි අම්මා කෙනෙක් විදියට අම්මාගෙයි තාත්තාගෙයි රාජකාරිය ඔ භුමිකා දෙකම එ දරුවාට තාත්තාගෙත් අඩුව දැනෙන්නේ නැති විදියට මම මගේ උපරිම දේ මම කරනවා. එක මගේ දරුවත් දන්නවා. ඉතිං මම මගේ ජිවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තා.. මගේ ජිවිතේ මට ගොඩක් දේවල් වුනේ හිතන්නේ නැති විදියට .මගේ family එකට අසාධාරණයක් වුනෙත් හිතන්නේ නැති විදියට මගේ ගෙදර ඉල්ලලා. මගේ ස්වාමිපුරුෂයාගේ දෙමාපියන් වුනත් සතියකට කලින් මම rent එකට හිටපු ගෙදර ඉල්ලලා මාව ගෙදර යැව්වා. මට ගොඩක් හේතු තිබුබා මට මගේ husbandව දාලා යන්න.. ඒත් මම දාලා ගියේ නැ.


ලෝක විවාහක රූ රැජින තරඟය කවදාටද තියෙන්නනේ?
ලෝක විවාහක රූ රැජින තරඟය තියෙන්නේ දෙසැම්බර් වල ලංකාවේ.

දෙසැම්බර් මාසය වෙද්දී ඔබේ විවාහය සම්බන්ධයෙන් නිතිමය තත්ත්වයක් නැතතම් නීතියෙන් පිළිතුරුක් ලැබුනොත් ඔබ දික්කසාද වුනොත් ජ්‍යත්‍යන්තර නිතිරීති අනුව ඔබට පුළුවන්ද ලෝක විවාහක රූ රැජින තරඟයට ඉදිරිපත් වෙන්න?
divorce එකක් ඇත්තටම දන්නත් පුළුවන්. අයින් කරන්නත් පුළුවන්.තනි අතින් අත්පුඩි ගහන්න බැ.. තාම විභාග කරලවත් නැ එක. divorce වෙන්නේ නැනේ ඉතිං...එකනේ මෙචච්ර කැපකිරීම් කරලා මේ තරගයට ඉදිරිපත් වුනේ.. අපේ රටේ මේ වේලාවේ තියෙන ප්‍රශ්නේ තමයි  අපේ මිනිස්සු තව කවුහරි කෙනෙක් මොනවාහරි දෙයක් කරනකොට ඉදිරියට යන්න ධෛර්යමත් කරන එක නෙමෙයිනේ.. අපි හැමදාම එකම තැන ඉන්නේ ඇයි? අනිත් මිනිස්සුන්ට වල කපන නිසා.. බලන්න පිටරටවල තියෙන එකමුතුකම..

මේ වෙද්දි අපි දැක්කා යම් ලියුමකුත් ඇවිල්ලා තිබ්බා සමාජ මාධ්‍යයේන් විශේෂයෙන්ම කැරොලින් ජූරිට. ඒ පිලිබඳ ඔබ දැනුවත්ද?
ඔව්. මම ඒ ලියුම දැක්කා. නමුත් ඉතිං එක world pageant එකෙන් ගන්න ඕන තීන්දු තීරණයක්. එ තරඟයේ නීතිරිති වලට අනවු එයා ඒ විදියට හැසිරුනා නම් එක ඇත්තටම world pageant එකෙන් එයාගේ විනය පරීක්ෂණයක් කරලා ගන්න ඕන තීරණය ගනි ඉතිං...


ඔබ හිතනවාද මේ සිදුවීම නිසා විවාහක ලෝක රූ රැජිනගේ කිරුළ ඇයට අහිමි වෙන්න පුළුවන් කියලා?
එක මම දන්නේ නැ... මම ප්‍රාර්ථනා කරනවා එයාට එහෙම වෙන්න එපා කියලා.මොකද මම හිතන්නේ මගේ රට ගැන එහෙම කිරුළ නැති වුනොත් ඇත්තටම අහිමි වෙන්නේ අපේ රටටයි.


crown එක ඔබට දිගටම තියා ගන්න පුළුවන්ද?
බැහැ.. මේක vogue jewellers එකෙන් තමයි sponsor කරලා තියෙන්නේ.. මේක අවුරුද්දක් පුරාවට තියෙන events වලදී අඳින්න අපිට chance එක දීලා තියෙනවා. නමුත් අපිට තියා ගන්න දීලා නැ. මට මේ වුණ අසාධරණයේදී රෝසි සේනානයක මැතිණිය  මට පුදුමාකාර විදියට ශක්තියක් වුණා. ඇයට මේ වේලාවේ ගොඩක් ස්තුතියි වෙන්න ඕනේ මම වෙනුවෙන් කතා කරාට.
 
සාකච්ඡාව - ළහිරු මුදලිගේ