
අවුරුදු සමයේදී රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. කෙසේ වෙතත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කළ යුතු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුරුදු සමයේදී අනුගමනය කළ යුතු වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් හඳුන්වාදී ඇතැයි ද ප්‍රකාශ කළේය.
ජනතාව අවුරුදු සමයේදී සෞඛ්‍ය නීති හරියාකාරව අනුගමනය නොකළහොත් කොරෝනා තුන්වන රැල්ලක අවදානමක් මතුවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම සාප්පු සවාරි යෑමේදී සෞඛ්‍ය නීති පිළිපැදීම අනිවාර්ය බව පැවැසූ ඔහු මුව ආවරණ අනිච්චායන්ම පැළඳිය යුතු බවත් අවුරුදු ගමන් හා වෙනත් ගමන් බිමන් ස්වේච්ඡාවෙන්ම සීමා කරගත යුතු බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය. අවුරුදු සමයේදී අවුරුදු උත්සව සංවිධාන කිරීම තහනම් නැති බවත් සහභාගි විය හැකි සංඛ්‍යාව සියයක උපරිමයකට යටත්ව එම උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංවිධාන කළ යුතු බවත් ඔහු පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval