pope-message

කොවිඩ්19 එන්නත්  බෙදාහැරීම විශේෂයෙන්ම දුප්පත් රටවලට එන්නත් ලබාදීම වේගවත් කරන්නැයි පාස්කු දින පණිවුඩය නිකුත් කරමින් අති උතුම් ශුද්ධෝතම  ෆ්‍රැන්සිස් පාප්තුමෝ (4) ප්‍රකාශ කළහ.   වසංගතයක් තිබෙන අවස්ථාවක යුද ගැටුම් සහ හමුදා වෙත වියදම් කිරීම “නින්දා සහගත” යැයි ද පාප්තුමෝ කීහ.   

නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය වසරේ දී මෙන්ම මෙව ද පාස්කු දින දේව මෙහෙයට සහභාගී වූයේ ඉතා සුළු  මෙව ද පාස්කු දින දේව මෙහෙයට සහභාගී වූයේ ඉතා සුළු පිරිසකි. ශාන්ත පීතර බැසිලිකාවේ දෙවැනි අර්තාරයට එම පිරිස් රැස්ව සිටියහ.

පාස්කු දින දේව මෙහෙයෙන් පසු පාප්තුමෝ සිය පාස්කු දින පණිවුඩය ප්‍රකාශ කළහ. එහිදි පාප්තුමෝ සාම්ප්‍රදායිකව ලෝකය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වන අතර ලෝක සාමය උදා වේවා යැයි ආයාචනා කරති.  “මේ වසංගතය තවමත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වගේම සමාජ ආර්ථික අර්බුදය තවමත් දරුණුයි. විශේෂයෙන්ම දුප්පත් රටවල් මේ අර්බුද ඉවර වෙන්න කලින් යුද ගැටුම් නැවත ආරම්භ වෙලා. හමුදා සිය ආයුධ ශක්තිමත් කරමින් ඉන්නවා. මේක මහ නින්දාවක්" යැයි පාප්තුමෝ කීහ.