ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය මගින් අඟහරු මත ගොඩබස්වා ඇති Perseverance - රෝවරය මගින් අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් ඔක්සිජන් වෙන්කර ගැනීමක් සිදුකර ඇතැයි පවසයි. අඟහරුගේ වායුගෝලය පිළිබඳ පවතින දත්ත අනුව එහි වැඩිමනක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. ඒ අනුව මෙලෙස ඔක්සිජන් වෙන්කර ගැනීම අනාගතයේදී සැලසුම් කර ඇති අඟහරු මත පිහිටුවන ජනාවාස වනුවෙන් වැදගත් අවස්ථාවක් බවටද පත්ව තිබේ.පසුගිය අප්‍රේල් 20දා මෙම කටයුක්ත සිදුකළ බව

නාසා ආයතනය නිවේදනයක් මගින් සඳහන් කරයි. මෙය එම Perseverance රෝවරය අඟහරු ග්‍රහයා මත ගොබස්වා 60වැනි දිනයේදී සිදුකර තිබේ. නාසා ආයතනය මගින් එතෙක් මෙතෙක් අගහරු ග්‍රහයා වෙත යවන ලද විශාලතම සහ නවීනතම. හැකියාවන්ගෙන් යුතු රෝවරය ලෙසින්ද මෙම Perseverance රෝවරය සැලකෙයි. මේ දක්වා නාසා ආයතනය මගින් අගහරු වෙත අභ්‍යවකාශ යානා නවයක් යවා ඇත. මෙම Perseverance රෝවරය සමග ඒ වෙත යැවූ ingenuity හෙලිකොප්ටරය පසුගියදා අගහරු මත සාර්ථක පියාසැරියක්  සිදුකළ අතර, එය පෘතුවියෙන් පිටත ග්‍රහලෝකයකදී හෙලිකොප්ටරයක් සිදුකළ පළමු වැනි පියාසැරීය ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ.