
වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ දී කොළඹ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මී ගවයෝ 16ක් ඊයෙ (22) අලුයම මිය ගියහ. ගව හිමිකරුවන් තණ බිම් සොයා මී ගවයන් රැගෙන යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු සඳහන් කරති. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියෙහි ගැටුණු මී ගවයන් සියලු දෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් පැවැසුවේ මෙම ප්‍රදේශයේ දී මීට ඉහත දී ද ගවයන් විශාල පිරිසක් දුම්රියේ ගැටී මියගොස් ඇති බවයි. ප්‍රදේශයේ තණ බිම් නොමැතිවීම හේතුවෙන් ගව හිමිකරුවන් උදෑසන ගවයන් එලෙස රැගෙන යාම සිදුකරන බවත් එහිදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වන බවත් ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියා සිටියහ.
-සිතුම් චතුරංග-
Comments
Post a Comment
Your comment will be visible after approval