
පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ.
වයිරසය වැළදී ඇති සියලු දෙනා වෙනුවෙන් , පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් එයින් තහවුරු වන පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
අලුත් අවුරුදු නිමාවෙන් අනතුරුව ගම්බිම් බලා ගොස් සිටින සේවක සේවිකාවන් නැවත සේවයට පැමිණීමේ දී සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැවසීය .
ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ.
(සුමිත් ප්‍රේමතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval