
වත්තල හැදල ප්‍රෙද්හයේ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වූ මංගල උත්සවයක මනාලයා විවාහයෙන් අනතුරුව විදේශගත වීම සඳහා පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ගෙන ඇති අතර එහිදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මේ හේතුවෙන් මනාලියද පරීක්ෂාවට භාජනය කිරීමේදී ඇයටද ආසාදනය ධනාත්මකවී ඇත.
මනාලිය සහ මනාලයා කොරෝනා වෛරස ආසාදියන් බැවින් ඔවුන් හා සමීපව සම්බන්ධවූ මංගල උත්සවයේ අයට කොරෝනා පැතිරෙන්නට ඇතැයි සැකකරන අතර සෞඛ්‍ය අංශ උපදෙස් මත එම මංගල උත්සවයේ අනෙක් අයට
පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නිර්දේශවී තිබේ.
ඒ හේතුවෙන් එම මංගල්‍ය උත්සවයට සහභාගි වු 150 දෙනෙකුගේ ලිපින බලධාරීන් ලබාගෙන ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර එම පිරිස පිසිආර් පරික්ෂණ සදහා යොමු කර ඇති බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval