maithripala-sirisena

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා අතිශය කනගාටුවට පත්වන
බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
 
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සන්ධානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම ස්ථානයෙන්
පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සහ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව
සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති පාස්කු දේව මෙහෙයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කාදිනල්
හිමියන් කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසීය.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවැසූයේ කාදිනල් හිමියන් කළ
ප්‍රකාශය තුළ සෑහෙන්න දේශපාලනයක් පවතින බවය.

“බෝම්බ ගැහුවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නෙවෙයි. බෝම්බ ගහපු මිනිහව හොයාගන්න එකයි අපි කළ
යුත්තේ. නිවැරදි බෝම්බකරු කවුද කියලා හොයාගන්න එක මේ වගේ දේවල්වලින් යටපත් වෙලා යනවා.
මේක පිටිපස්සේ හිටපු බලවේග කවුද කියන එක හොයාගන්නතුරු අපේ සටන අතාරින්නේ නැහැ. මේ සිද්ධිය
දැනගෙන ඒකට ආරක්ෂාව සපයපු නැති අයට මොකද කරන්නේ. දැන් මේ ජනාධිපතිතුමා විතරද මේ
ප්‍රශ්නයේ මූලිකයා. රජය පිළිබඳ තමයි කොමිෂන් සභාව දිගින් දිගටම කියන්නේ. රජයේ හිටියේ
ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. අගමැතිවරු හිටියා. ඇමැතිවරුන් හිටියා. සියලු දෙනාම හිටියා. ඒ අය
ඔක්කොම පැත්තකට විසිකරලා දාලා මේ ජනාධිපතිවරයා විතරක් අල්ලන්නේ ශ්‍රී ලනිපය ගොඩනඟන්න අප
ගෙනයන වැඩපිළිවෙළ තුළයි. උන්වහන්සේ සාධාරණය ගැන කල්පනා කරයි කියලා හිතනවා. මේ ප්‍රකාශය
තුළ සෑහෙන දේශපාලනයක් තියෙනවා කියලයි මට කියන්න තියෙන්නේ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා
තවදුරටත් පැවැසීය.