
නුවරඑලිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන්
ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන්
ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති
බව රාගල පොලිසිය පැවසිය. තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව ගිලන්රථ මගින් රෝහල් ගත කර ඇත.
රෝහල් ගත කල තුවාලකරුවන් කිහිප දෙනකුගේ තත්වය බරපතල රෝහල් ආරචි මාර්ග කියයි.
(29) දින උදැසන 11.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හයිපොරස්ට් රාගල ප්‍රධාන මාර්ගයේ
මහතුඩුගල ප්‍රධාන මාර්ගය ආසන්නයේදිය.
අනතුරෙන් තුවාල ලැබු තුවාලකරුවන් ප්‍රදේශවාසින්ගේද සහය ඇතිව ගිලන්රථ මගින් රෝහල් ගත කල
බවත්, රෝහල් ගත කල තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අනතුර පිලිබදව පරික්ෂණ
පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.
බස් රථය ධාවනය කල රියදුරා හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය
රියදුරු පාලනයෙන් මිදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවට තොරතුරු ලැබි
ඇති බවයි රාගල පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
රංජිත් රාජපක්ස
Comments
Post a Comment
Your comment will be visible after approval