
ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු 1994 සිට වසර 27 ක් තිස්සේ කැපිටල් මහාරාජා ආයතනයේ නිවේදකයෙකු නිෂ්පාදකයෙකු හා විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබේ.
ඔහු මහාරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වාර්තා වේ.
ඔහු ඉදිරි දින කිහිපයේ දී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.
මීට දින කිහිපයකට පෙර හිරු නාලිකාවේ දීර්ඝ කාලයක් සේවය කර පසුව ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතාද සිය ධූරයෙන් ඉවත්වී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාරගනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval