නුගේගොඩ හයිලෙවල් පාරට මුහුණලා ගුවන් පාලම ආසන්නයේ පිහිටි සව්සිරි බහු වෙළෙඳසල් සංකීර්ණයේ උඩුමහලක ගින්නක් හටගැනීම නිසා අද සවස කලබලකාරී තත්වයක් ඇතිවිය.


කෙසේ වෙතත් සවස 7 පමණ වනවිට ගින්න මුළුමණින් පාලනය කරන්නට හැකිවූ බවට ගිනි නිවීමේ ඒකකය දන්වා ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 4 ක් මේ සඳහා යොදවන ලද බවයි.
ගින්න හටගත් හේතුව තවම පැහැදිලි නැත.