
මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) අභාවප්‍රාප්ත වූයේය. කලෙක සිට පැවති හදවත් රෝගයක් උත්සන්නවීම හේතුවෙන් ඔහුගේ ජීවිතය අහිමිවූ බව රෝහල් ආරංචි සඳහන් කළේය.
කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වූ වසන්ත දිසානායක මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් මුල් උපාධිය ලබාගත්තෙකි. ඔහුට දියනියන් තිදෙනෙකු හා පුතෙකු සිටී. පන්නිපිටියේ පදිංචිව සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවත් පවුලේ ඥාතීන් දන්වා ඇත. ඔහු මියයන විට 57 වන වියෙහි පසුවිය.


Comments
Post a Comment
Your comment will be visible after approval