
ජපානයේ ටෝකියෝහිදී එළඹෙන ජූලි 23වැනිදා ආරම්භ වන ඔලිම්පික් තරගාවලියට සහභාගි නොවන බව උතුරු කොරියාව නිල වශයෙන් දක්වා ඇත. 'කෝවිඩ්-19 ' වෛරසයෙන් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීමට මෙම තීරණය ගත් බව ඔවුන් එහිදී දක්වා ඇත.
වසර 33කට පසු උතුරු කොර්යාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි නොවන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර 1988 වර්ෂයේ දකුණු කොරියාවේ සියොල්හිදී පැවති ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට උතුරු කොරියාව පියවර ගත්තේ එවකට පැවති සීතල යුද්ධය හේතුවෙනි.
මෙවර තරගාවලියට උතුරු කොරියාව සමගින් ඒකාබද්ධ කණ්ඩායමක් සහභාගි කරවීමට දකුණු කොරියාව මීට පෙර අදහස් කරගෙන සිටි අතර, උතුරු කොරියාවේ ඉවත්වීමත් සමග දකුණු කොරියාව තනිවම මෙවර ඔලිම්පික් උළෙලට සහභාගිවීමට නියමිතය.
(ඕෂිත වරකපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval