
කොළඹ සිට මතුගම බලා ධාවනය වූ පෞද්ගලික බසයක රියදුරු අතරමගදී බසය කොන්දොස්තරවරයාට බාරදීමෙන් පසු ඔහු විසින් අපරික්ෂාකාරී අන්දමින් බසය පදවාගෙන යන බවට එහි ගමන් කළ මගීන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කළ දැනුම්දීමකට අනුව අදාළ කොන්දොස්තරවරයා පෙරේදා අපරාධ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෙම බස් රථය 21 දින දහවල් කොළඹින් මතුගම බලා ධාවනය කරමින් සිටියදී යටදොල ප්‍රදේශයේදී බසයේ රියදුරා බස් රථයෙන් බැස ඉවත්වී ගොස් ඇති අතර එම ස්ථානයේ සිට බස් රථය ධාවනය කර ඇත්තේ කොන්දොස්තරවරයා බව පොලිසිය කීය.
කොන්දොස්තරවරයා අපරික්ෂාකාරි අන්දමින් බසය ධාවනය කිරීම නිසා එහි ගමන්කළ මගීන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිලංග සංජීව මහතාට තත්වය දැනුම් දීමෙන් අනතුරුව තිලංග සංජීව මහතා එම ඒකකයේ නිලධාරින් සමග මතුගම නගරයේදී බස් රථය නවත්වා පරික්ෂා කිරීමේදී කොන්දොස්තරවරයා විසින් බස් රථය පදවන බවට තහවුරු වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොන්දොස්තරවරයාට රියදුරු බලපත්‍රයක් නොමැති බවත්,
ඔහුගේ කොන්දොස්තර බලපත්‍රය වෙනුවට සන්තකයේ තිබී ඇත්තේ දඩ කොළයක් බවත් හෙළිවී තිබේ. අනතුරුව බස් රථය පැද වූ කොන්දොස්තරවරයා සමග බස් රථය පොලිස් බාරයට ගෙන තිබේ. බස් රථයේ කොන්දොස්තරවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(මතුගම බන්දු තඹවිට)
Comments
Post a Comment
Your comment will be visible after approval