coconut-oil-issue

පිළිකා කාරක අඩංගු පොල්තෙල් යැයි හඳුනාගත් ආනයනික පොල්තෙල් අඩංගු කන්ටේනර් 100 කට ආසන්න සංඛ්‍යාවක් නැවත හරවා යැවීමට නියමිත යැයි රේගු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි.  මෙම කන්ටේනර්වල පොල්තෙල් මෙට්‍රික් ටොන් 2000ක් පමණ අඩංගු බවට රේගු දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහත පැවසුවේ රේගු නිලධාරීන් මේ දිනවල පොල්තෙල් තොගය විගණනය කරමින් සිටින බවත්,

විගණනය අවසන් වන තෙක් පොල්තෙල් කන්ටේනර් සංඛ්‍යාව ප්‍රකාශ කළ නොහැකි බවත්ය.පෞද්ගලික සමාගම් හතරක් පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට පසුගිය මාර්තු මස මුල දක්වා ආනයන කළ පොල්තෙල් කන්ටේනර් මෙයට ඇතුළත් වන අතර මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල්වලින් එම පොල්තෙල් ආයනයන කර තිබේ.මෙම පොල්තෙල් කන්ටේනර්වලින් වැඩි ප්‍රමාණයක් රේගුවෙන් මේ වන විට අදාළ සමාගම්වල ගබඩාවලට මුදාහැර තිබීම නිසා ප්‍රතිඅපනයනය සඳහා ඒවා එම ගබඩාවලින් නැවත ගෙන ඒමට සිදුව තිබේ.ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ කාර්මික තාක්‍ෂණ ආයතනය යන ආයතන තුනේම තත්ව පරීක්‍ෂාවේ දී මෙම පොල්තෙල් තොගයේ පිළිකා කාරක අඩංගු බවට තහවුරු වී තිබේ.

 (යොහාන් භාසුර)