kurunegala-covid19

කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඊයේත් විශාල කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවී තිබුණ අතර  කුරුණෑගල නගර සීමාවේ ඇති කෝප්සිටි වෙළෙඳ සැල්වල සේවකයන් ආශ්‍රිතව පෙරේදා සිට මෙම රෝග තත්ව මතුවූ බව වාර්තා විය.
පෙරේදා (20දා) සවස කෝවිඩ් වැලදුණු එකම පවුලේ තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු හමුවීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර පවුල් 17ක සාමාජිකයන් නිරෝධායනයට යොමුකළ බව කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වැල්ලව, රංගම ප්‍රදේශයේ එකම පවුලේ මව, 16 හැවිරිදි දියණිය හා 04 හැවිරිදි පුතෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගතකළ අය අතර සිටින බවත් මොවුන්ගේ ආශ්‍රිතයන් වූ පවුල් 06ක සාමාජිකයන් විසිදෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති. සාරගම ගම්මානයේ කෝවිඩ් වැලදුණු ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමෙන් පසු පවුල් 08ක සාමාජිකයින් 20 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති අතර ඊයේ (21දා) වනවිට එම පිරිසට රෝග ලක්ෂණ පහලවී ඇති බවත් ගෝනගම ප්‍රදේශයෙන්ද කෝවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග පවුල් 03ක සාමාජිකයින් 11 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.


කෝවිඩ් ආසාදිතයන් 06 දෙනා අතර පුද්ගලයන් 04 දෙනෙකු කුරුණෑගල නගර සීමාවේ ඇති කෝප්සිටි වෙළෙඳ සැල්වල සේවකයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති. කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉදුනිල් කරුණාතිලක මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.ඒ.පී. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරිකවරුන් ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ පවත්වති.


 -අතුල ජී. බණ්ඩාරනායක-