
මේ වන විට ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශය භාර මහජන පරීක්ෂකවරයා පවසයි.
ඒ අනුව දෙදිනක් තුළ සිදුකරනු ලැබු පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 84ක් වාර්තා වු බව දිවුලපිටිය හා කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂක, එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා පවසයි.
එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් මහජනතාව නොසැලකිලිමත්ව හැසිරීම තුළ ඉදිරියේ දී තවත් රෝගීන් වාර්තා විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ පිළිබඳ අදහස් දක්වන එස්.ඒ.යූ.ටී කුලතිලක මහතා,
“මේ වන විට තුන්වන කොරෝනා රැල්ල ආරම්භ වෙලා තියෙනවා. 20 සහ 21 සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් රෝගීන් 82ක් හමුවෙලා තියෙනවා ග්‍රාමසේවා වසම් දෙකක. අස්වැන්නවත්ත කියන ග්‍රාමසේවා වසමේ අවුරුදු උත්සවයකට සහභාගී වු 28 දෙනෙකු රෝගීන් වෙලා ඉන්නවා. ඊට අමතරව මැල්ලවගෙදර ග්‍රාම සේවා වසමේ විනෝද චාරිකාවක් ගිය පුද්ගලයින්ගෙන් 44ක් රෝගීන් වෙලා තියෙනවා. ඊට අමතරව පීසීආර් පරීක්ෂණ මඟින් 31 දෙනෙක් රෝගීන් බවට පත්වෙලා තියෙනවා. දින දෙකකට 84ක් රෝගීන් ඉන්නවා.“