upul-rohana-spaks

●කොවිඩ් වර්තමාන තත්වය කෙබඳුද....අද අපි කතා කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමඟ...ඔබට හිතෙන විදිහට රට බැරෑරුම් තැනකද ?
      ''කොවිඩ් පළමු හා දෙවනි රැලි වලට වඩා මේ තුන්වෙනි රැල්ල යම්කිසි බියජනක තත්වයකට ඇවිත් තියෙනවා...දිස්ත්‍රික්ක 24 පුරාම රෝගීන් වාර්තා වෙනවා...''
●ඒ කියන්නේ සමාජ ව්‍යාප්තිය වෙලා ඉවරයි..?
''ඔව් ඇත්තටම අහඹු පරීක්ෂණ වලදී උවත් 15% ඉක්මවූ ආසාදිතයින් අපිට හමුවෙනවා....ඉතාම පැහැදිලිවම අපි දැක්කා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ,මොණරාගල නගරයේ රත්ගම ප්‍රදේශයේ වගේ අහඹු පරීක්ෂණ වලදී 15% ඉක්මවූ ආසාදිතයින් අපිට හමුඋනා...''
●ඒ කියන්නේ රට බරපතල අනතුරක ?
       ''පැහැදිලිවම....අපි මේ යමින් ඉන්නේ ඉන්දියාව දෙසට...ඉදිරි දින කීපයේ නිසි ආකාරව කලමනාකරණය කරගත්තේ නැත්තම් තව සතියකින් දෙකකින් තමයි ඉන්දියාව වගේ ලංකාව...''


●ඔබ කියන්නේ ඉන්දියාවේ ආකාරයටම මරණ අනුපාතයත් ඉහළ යන්න පුළුවන් ?
       "ඔව් මොකද අපිට තියෙන දැඩිසත්කාර සීමිතයි...අපිට තියෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන සීමිතයි...මේ මොහොතෙත් waiting list එකක් ඉන්නවා රෝගීන් ඇතුලත් කරන්න...අපි දැක්කා දැඩිසත්කාර ඒකකයේ පහසුකම් නැතුව රොගීන් මියයනවා....දෛනික වාර්තාවීම් දහස ඉක්මවා වාර්තා උනා...මේ තත්වය ඉදිරියේදී තවත් ඉහල යනවා...දැඩිසත්කාර වෙත රෝගීන් ඇතුලත් කිරීම ඉහල යාමත් සමඟ ඔක්සිජන් ඉල්ලුම ඉහල යනවා....ලංකාවේ සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි දැනටත් තියෙන්නේ... ''
●ඔබට හිතෙන විදිහට කවුද මේ තත්වයට වගකිව යුත්තේ..?
     ''මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමයේ සභහපති විදිහට මම අවස්ථා කීපයකදීම මම මහජනතාවට අනතුරු ඇගෙව්වා....නමුත් ඒ දේවල් ප්‍රතිපත්ති තීරකයෝ සහ මහජනතාව පැහැරහැරියා.... අපිට ආසාදිතයො හමුඋන ප්‍රධානම සාධක තියෙනවා පළවෙනි එක තමයි උත්සව සමයේ පවත්වපු සාද...දෙවෙනි එක උත්සව සමයේ ගියපු චාරිකා...විශේෂයෙන්ම කර්මාන්තශාලා සේවකයෝ...හතරවෙනි දේ තමයි සමාජයේ පැවැත්වූ නොයෙකුත් ආගමික උත්සව...මේ දේවල් තමයි ප්‍රධාන කාරනා වෙන්නේ...මේ දේවල් වැඩි හරියක් අලුත් අවුරුදු උත්සව හා එක්ව බද්දවෙලා පැවැත්වූ උත්සව...''
●ඒ කියන්නේ නිසි කලට නිසි තීන්දු ගත්තේ නෑ...?
          ''පැහැදිලිවම....නිසි කලට නොගත් ප්‍රතිපත්ති තීන්දු හා මහජනතාව විසින් වගකීම් පැහැර හැරිම කියන මේ කාරණා දෙක 50% ට 50% මේ තියෙන තත්වයේ වගකීමබාරගත යුතුයි... ''
●මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමයේ සභහපති විදිහට ඔබ කිව්වද රට ලොක්ඩවුන් කලයුතුයි කියලා...ඔබට පුළුවන්ද එය ඔප්පු කරන්න...?
        ''පැහැදිලිවම මම අවස්ථා දෙකකදී මම කිව්වා...පසුගිය නත්තලට පෙර මම ප්‍රකාශකලා...අලුත් අවුරුද්දට පෙර මම ප්‍රකාශකලා...අවම වශයෙන් රට ලොක්ඩවුන් නොකෙරුවත් දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්න කියලා සියලු බලධාරීන්ගෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වලින් අපි ඉල්ලුවා...නමුත් අපිට ඇහුම්කන් දුන්නේ නෑ...''
●මොකක්ද මේකට හේතුව...ආණ්ඩුව සෞඛ්‍ය බලධාරීන් මේක සැහැල්ලුවට ගත්තා...?
        ''අපි දන්න විදිහට මේ සම්බන්ධව සෞඛ්‍ය අංශ හා කෝවිඩ් 19 කාර්ය සාධක මණ්ඩලයට යම් අවශ්‍යතාවක් තිබුනත් ආර්ථික කළමණාකරණ අංශවල බලපෑම නිසා තමයි මේක නොවුනේ කියලා තමයි අපි දන්නේ...''
●ජනාධිපතිකාරයසාධක බලකායට උවමනාවක් තිබුනද?
     ''පැහැදිලිවම ජනාධිපතිකාරයසාධක බලකායෙදි කෝවිඩ් 19 පාලන අංශ සහ සෞඛ්‍ය අංශ මේ ඉල්ලීම් කල බව අපි දන්නවා....''
●එතකොට කොතනද නතර උනේ ජනාධිපතිවරයාගෙන්ද ?
      ''ආර්ථික කඩා වැටෙයි කියලා හිතලා තමයි මේ තීරණේ අරන් තියෙන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ...''
●ජනාධිපතිවරයා කිව්වා අපි වගේ රටක් හිතෙන හිතෙන විදිහට ලොක්ඩවුන් කරන්න බෑ...රටේ ආර්ථිකෙත් බලාගෙන තමයි ඉදිරියට යන්න ඕන කියලා නැතිනම් ඒ චෝදනාවත් ඔහුට එනවා...ඔබ මොකක්ද මේ ගැන කියන්නේ...?
       ''අපේ ආර්ථිකය ඉතාම පහතට වැටිලා බොහොම අමාරුවෙන් දුවන රටක්...නමුත් අපිට ආර්ථිකේ ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගත්තොත් විතරයි....මේ මොහොතේ මිනිස්සු විශාල වශයෙන් මියයද්දී පී.සී.ආර් පරීක්ෂණයකට අපි දන්නවා රුපියල් 6000ක් පමණ වැයවෙනවා...අපි දන්නවා ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගියෙකුට කොච්චර වැය කරන්න ඕනද කියලා...''


●පැහැදිලිවම මේ තත්වයට වගකිව යුත්තේ කවුද ?
       ''මහජනතාව හා රජය පැහැදිලිවම මේ දේට වගකිව යුතුයි...50%කින් ප්‍රතිපත්ති නොගැනීම බලපාලා තිබෙනවා...ඉතුරු 50% මහජනතාවගේ හැසිරීම බලපාලා තියෙනවා....''
●මේ මොහොත ඔබ කියන්නේ රට ලොක්ඩවුන් එකකට යා යුතුයි කියලාද ?
      ''ඉදිරි දින දෙක තුන තුළ රෝගීන් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා උනොත් අඛණ්ඩව රට ලොක්ඩවුන්  කරලා රෝගීන් හදුනාගෙන ආශ්‍රිතයන් හදුනාගෙන රෝගීන් අඩු සංඛාවකට ගේනකල් රට ලොක්ඩවුන් කලයුතුයි කියලා මම යොජනා කරනවා....''
●මේ දැන් රෝගීන් 1000 ඉක්මවා ගියා...ඔබ කියන්නේ තව දවස් තුනක් බලන්න ඕන කියලද?
       ''අනිවාර්යෙන් රෝගීන් 1000 ඉක්මවා ගියොත් දවස් තුන ඇතුලත රට ‍ලොක්ඩවුන් කලයුතුයි...අවම රෝගීන් 200ක්වත් වන තුරු මේ තත්වය පාලනය කල යුතුයි...''
●බලධාරීන් කියනවා අවශ්‍ය තැන් අපි ලොක්ඩවුන් කරනවා සීමා පනවනවා කියනවා...ඒ දේ ප්‍රමාණවත් නෑ කියලද ඔබ කියන්නේ...?
        ''මේ දේට හොදම උදාහරනේ තමයා රටේ පාසල් වැහුන විදිහ..මුලින් බස්නාහිර වයඹ වැහුවා...නැගෙනහිර වැහුවා...මධ්‍යම පළාතේ පළාත් බලධාරීන් වහගත්තා...අන්තිමට මුළු රටේම පාසල් වැහුවා...ඒ තත්වය තමයි රටේ උත්ගත වෙමින් තියෙන්නේ...දැන් පවතින තත්වය හමුවේ සුළු සුළු ප්‍රදේශ ලොක්ඩවුන් කිරීමේ ප්‍රතිඵලයක් නෑ.....''
●දැන් ඇත්තම තත්වය මොකක්ද...පාලනය අපෙන් දැන් ගිලිහිලාද තියෙන්නේ...?
      ''රටේ මහජන සෞඛ්‍ය නිලධාරින් ඉතාම ආයාචනයෙන් පාලනය කරමින් ඉන්නවා...නමුත් ඉදිරි දින දෙක තුනදී 1000 බැගින් රෝගීන් වාර්තා උනොත් මේක අපෙන් ගිලිහෙනවා නොඅනුමානයි....මේක ගිලිහුනොත් අපි ඉන්දියාව ඉන්න තත්වෙට තල්ලුවෙලා යනවා...ඒක කිසිසේත් වලක්වන්න බෑ...''
●නැවත බන්ධනාගාර පොකුරක් සෑදීමේ අවදානමක් වාර්තා වී තිබෙනවා නේද ?
       ''අපේ රටේ බන්ධනාගාර විතරක් නෙවෙයි සියලුම රාජ්‍ය ආයතනවල ඉදිරියේද ආසාදිතයන් වාර්තාවෙන්න ඉඩ තියෙනවා මොකද හදුනානොගත් ආසාදිතයන් සමාජයේ සැරිසරනවා...''
●සෞඛ්‍ය අංශවල අයට අවදානමකද සිටින්නේ මේ මොහොතේ....?
      ''මේ මොහොතේදිත් මහජන සෞඛ්‍ය නිලධාරින් කීපදෙනෙකුට රෝග ලක්ෂණ මතුවෙලා ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා...හෙදියන් විශාල ප්‍රමාණයකට ආසාදිතයි කියලා වාර්තා වෙනවා...එන්නත සම්බන්ධව අපි බලාපොරොත්තු තියාගෙන සිටියත් එන්නත ගත් අයත් ආසාදිතයන් වෙලා තියෙනවා...''
●ලංකාවේ ධීවරයන් ඉන්දියාවේ මුහුදු සීමා වලට යනවා...මේවයිනුත් බලපෑමක් සිදුවෙනවා නේද ?
         ''අපි දිගින් දිගටම අනතුරු ඇගෙව්වා....තාමත් මේ අලුත් ප්‍රභේදයක් මේ රටේ තියෙනවාද ඒ ප්‍රභේදය ආවේ කොහෙන්ද කියලා අපිට අවබොධයක් නෑ...මේ තත්වයෙන් පේනවා මේක වෙනත් රටකින් ආපු දෙයක් කියලා...විශේෂයෙන් අපි දන්නවා බහුදින යාත්‍රා වල ධීවරයින් ඉන්දියානුවන් සමඟ මාළු බෙදාගන්නාවා..ඔවුන් සමඟ කාඩ් සෙල්ලම් කරනවා මේ දේවල් වෙනවා මුහුදු මැදදී...අපි ඒ එන සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරලා නෑ....''
●මේ තත්වය ඇතුලත ලංකාවේ අපිට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් නැද්ද?
         ''පැහැදිලිවම තියෙන හොදම දේතමයි නිවසට වෙලා ඉන්න එක...අපි නිවස ඇතුලේ ඉදගෙන අපිට විතරක් මේකෙන් බේරෙන්න බෑ...පොදුවේ අපි සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න ඕන....''
●මොකක්ද මේ P.H.I වරුන් එක්ක සෞඛ්‍ය අමාත්‍යංශයට තියෙන ප්‍රශ්ණය ?
     ''බලය ලබාදීම සම්බන්දව ගැටළුව පිටිපස්සේ හිටියේ  සෞඛ්‍ය අමාත්‍යංශය නියොජනය කරන බලවත් වෘත්තිය සංගම්... නමුත් අපිට මේක නිරවුල් කරලා දුන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව...සෞඛ්‍ය අමාත්‍යංශය මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගෙන් වැඩ ගත්තාට නම ඉස්සරහට දාන්න ඔවුන් කැමති නෑ...මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක උනා....''
●අවසාන වශයෙන් අපට මෙයින් ගොඩ ඒමේ මග කුමක්ද...ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ...?
         '' මහජනතාවට යම් තරමක් තමන්ගේ සහ පවුලේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් සෞඛ්‍ය උපදෙස් දැඩිව ක්‍රියාත්මක කලොත්....ඒ වගේ පාලකයෝ සහ ප්‍රතිපත්තිතීරකයෝ තේරුම්ගතයුතුයි ඉතුරු 50% ඔවුන්ගේ අතේ තියෙන්නේ ජනතාවගේ හැසිරීම් රටාව තේරුම් අරන් නිසි  ප්‍රතිපත්ති හැදුවේ නැත්තම් ඉදිරියේදී අපිට මේක නැවත හරවන්න බැරි තැනට රට පත්වෙනවා....''