
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කෝවිඩ් ආසාදිතයන් විසි දෙදෙනෙකු ඊයේ (21) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඒ අතර හල්පිට ප්‍රදේශයේ පවුල් හයකට අයත් පුද්ගලයන් පහළොස් දෙනකුද කැස්බෑව අධිකරණය ඉදිරිපිට සුපිරි වෙළෙඳ සැලක පුද්ගලයන් දෙදෙනෙකුද පොල්හේන ප්‍රදේශයේ තිදෙනෙකු සහ මඩපාත ප්‍රදේශයේ දෙදෙනකු ද වන බව කියයි. බල ප්‍රදේශයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හැත්තෑ දෙනෙකු ඉලක්ක කරගනිමින් ඉකුත් (19දා) සිදු කළ පී.සී. ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයන් හමුවී තිබේ. ඒ අනුව කැස්බෑව ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලෙහි සේවකයන් තිස් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට එම වෙළඳ සැල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.මේ අතර සුපිරි වෙළඳ සැලෙහි ආශ්‍රිතයන් තිස් දෙදෙනා ඇතුළු අසු පස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීමෙන් පසු එම පිරිස එළඹෙන 23 වැනිදා පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)