
අයි.ඩී.එච්. රෝහලේ කෝවිඩ්19 ආසාදිතයන් වෙනුවෙන් වෙන් කළ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල මේ වනවිට පිරීගොස් ඇති බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අත්තනායක මහතා පැවසීය.
පසුගිය මාර්තු මාසය වනට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගීන්ප් රමාණයට සාපේක්‍ෂව සිංහල අලුත් අවුරුද්දෙන් පසු කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් ඇතුළත් කිරීමද සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය. "අයි.ඩී.එච්." රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඇඳන් 08ක් වෙන් කර තිබෙනවා.මේ වනවිට මේ ඇඳන් සියල්ල පිරිලයි තිබෙන්නේ. ඒ වගේම අනෙකුත් වාට්ටුවලටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ඇතුළත් කිරීමේ වැඩි වීමක් අවුරුද්දෙන් පසුව පෙන්නුම් කෙරෙනවා යැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේය.
(නදිශානි පතිරණ)