
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ(23) පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළපී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.
දින 5ක් තුළ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 97දෙනෙක් හඳුනා ගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.
රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු හා පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන් 8 දෙනෙකු ද හඳුනා ගත ආසදිතයින් අතර ඇත.ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති බව වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.
රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා ඵ්Cර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය වැඩිදුරටත් සඳහන් කරයි
