nuwara-eliya-croud

රට තුළ කොරෝනා සමනය වී යහපත් පරිසරයක් නිර්මාණයවී ඇති බවට අප්‍රේල් මාසය එළැඹෙන අවස්ථාවේම රජය කළ ප්‍රකාශයන්ද පසුබිම් කරගෙන මෙවර නුවරඑලිය වසන්ත සමයට  මීට කලකට ඉහත අවුරුදුවල මෙන් ජනතාව එක් රොක්වූයේ පවුල් පිටිනි.


මේ වෙනුවෙන් මිල අධික හොටල් කාමර මෙන්ම වෙනදා මිලට දහදොලොස් ගුණයකින් අලෙවිවන කුඩා ලැගුම්හල්ද ජනයාගෙන් පිරී ඉතිරී ගිය අතර වසන්ත සමය මේ මාසය අවසන් වනතුරු උත්සව සිරියෙන් පවත්වන්නට සූදානම් කර තිබුණි.
නමුත් ඊයේ පෙරේදා පැනනැගුණ තෙවැනි කොරෝනා රැල්ල සමග නුවරඑලියට අමුත්තන්ට නොපැමිනෙන ලෙසත් ඒකරාශීවීම සෞඛ්‍ය ගැටලු මතුකරනු ඇති බවටත් අනතුරු ඇගවිණි.
අදින් ඇරඹෙන දිනතුනක දීර්ඝ සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ විශේෂ ඉල්ලීමක් කර තිබූ නමුත් මෙම ඉල්ලීම ගණනකට නොගනිමින් අද (24) දිනයේත් නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරී පැවති බව වාර්තා විය.
මේ ගැන පැමිණ සිටි ඇතැම් අය අදහස් දක්වමින් කියා ඇත්තේ ‘අපි කලින් බුක් කරේ විශාල වියදමක් කරලා මේ අවස්ථාව හදාගත්තේ. ...අතාරින්න බැහැනේ අපි ආවෙ ඒ නිසා...‘ ලෙසිනි.