johnson-and-johnson

ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන්  සමාගම මගින් නිපදවූ COVID-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 15ක් විනාශ කරදමා ඇතැයි  ඇතැයි වාර්ත වෙයි.  සමාගම පවසන ආකාරයට බැල්ටිමෝටර්හි පිහිටි සිය කර්මාන්තශාලාව තුළදී නිපදවූ එන්නත් තොගයක් මෙලෙස විනාශ කර දමා තිබේ. අදාළ පරිශ්‍රය පවත්වාගෙන ගිය  Emergent BioSolutions නම් සමාගම එම එන්නත්  නිපදවීමේ ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අපොහොසත් වීම ඊට හේතුව බව සඳහන් වෙයි. 




 මෙම ජෝන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් වෛරසය මර්දනයට ප්‍රමාණවත් වන බවට සදහන් වීම එම එන්ගත පිළිබදව ලොව පුරා වැඩි  අවධානය යොමු වීමට හේතු  විය. කෙසේ වෙතත් තමන්ට මෙම එන්නත් මිලියන 15ක්  භාවිතයෙන් ඉවත් කිරීමට  සිදුව තිබෙන බව සමාගම පවසයි.


"මේ එන්නත් මාත්‍රා සියල්ලම දැන් විනාශ කර තිබෙන්නේ. ඒවා කිසිම අයුරකිත්වත් එන්නත් බෝතල් වෙත පිරවීමක් හෝ නිෂ්පාදනයේ අවසන් අදියරක් වෙත ළගාවී තිබුණ නැහැ" සමාගම සඳහන් කරයි කෙසේ වෙතත් මෙලස එම එන්නත් මාත්‍රාවක්හි ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සදහා අපොහොසත් වීමට හේත්තුව කුමක්ද යන්න ජොන්සන්  ඇන්ඩ් ජොන්සන් සමාගම මෙතෙක් පැහැදිලි කර නැත.