covid-world-trend

අද වනවිට ලොව රටවල් කිහිපයකදීම යළිත් COVID-19 වසංගත රැලි ව්‍යාප්තවීමේ  ප්‍රවණතාවයේ වේගය අනුව, එම තත්වය 2020 දී ලොව මුහුණදුන් තත්වයට වඩා දරුණු විය හැකි බව විශේෂඥයන් පිරිසක් අනතුරු අගවා සිටිති. පෑන් අමෙරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO - Pan American Health Organization) මගින් මෙම කරුණු සදහන් කර සිටියි. එහි අධ්‍යක්ෂ කරිස්සා එටිඑන්නේ මේ පිළිබඳව අදහස් දක්වමින්, "මෙය හදිසියේම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ලොව පුරා බොහෝ රටවල්  යළිත් වටයකට තම තමන්ගේ රටවල COVID-19 වෛරසයේනැගී සිටීමක් දකිනවා. 




එළඹෙන ග්‍රීෂ්ම ඍතුවේදී දකුණුදිග අර්ධගෝලයේදී මේ තත්වය ඉහළ යා හැකියි.” යනුවෙන් පවසා තිබේ. ඒ අනුව මෙම තත්වය පාලනය සඳහා ඉක්මන් පියවරක් නොගතහොත් පසුගිය වසරේදී දුටුවාට වඩා වැඩි වසංගත තත්ත්වයේනැගී සිටීමකට මේ වසරේදී ලෝකයට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයිද පර්යේෂකයන්ගේ  අදහස වී තිබේ. එහිදී දෙන්නේ  අමෙරිකානු කලාපය තුළ තත්ත්වය පෙර වසරට වඩා විශාල බවත් පැවසෙයි.


"ගෙවුණු සති හතර තුළදී අපිට සෑම දින හතකටම වරක් මිලියනයක නව ආසාදිතයන් හමුවන තත්වයක් වාර්තා වුණා. ඒ අනුව මෙම වසංගතයේ සම්ප්‍රේෂණය තවදුරටත් ලෝකයේ  බොහෝ ප්‍රදේශ තුළ වඩාත් ක්‍රියාකාරී බව මින් පෙන්නුම් කරනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ හැකිතාක් නිවෙසටම වී සිටින්න කියලයි." ඇය පවසයි. එහිදී ඇය අදහස් කරන්නේ මුඛ ආවරණ පැලදීම, නිතර දෑත් සේදීම  මෙන්ම සමාජ දුරස්ථකරණය අඛණ්ඩව පවත්වා ගැනීමේ වගකීමය.