jaffna-mayor-arrested

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. පොලිස් භටයින් භාවිත කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් පුද්ගලයින් පස් දෙනෙකුට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධ කරමින් පැවති විමර්ශනයකට අනුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින්  යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවනන් අද දින අත්අඩංගුවට ගැනුණ අතර 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රශ්න කිරීම් වලට ලක් කර තිබුණි. අනතුරුව සවස වාර්තා වූයේෙ
 අත්අඩංගුවට ගත් නගරධිපතිවරයා ඇප මත නිදහස් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට යාපනය මහ නගර සභාවේ බලය හිමිව ඇත.ඒ අනුව ඔහුගේ පත්වීම සිදුව ඇත.
 යාපනය නගරයේ විශේෂ රාජකාරී සඳහා නගරාධිපතිවරයා විසින් පසුගියදා විශේෂ ඒකකයක් පිහිටුවා එහි මෙහෙයුම් සඳහා පුද්ගලයින් පස් දෙනෙකු බඳවාගෙන තිබූ අතර, ඔවුන්ගේ නිල ඇඳුම ලෙස මෙම ප්‍රශ්නකාරී ඇඳුම් ලබාදීම ගැටලුවට හේතු විය.