incident-havelock-town

මෝටර් රථයක ගමන් කරමින් සිටි මවකට සහ දියණියකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව දක්වමින් පියකු හා පුතකු  ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස ළමා හා කාත්තා කාර්යංශය කියයි.  

ඉකුත් 17 වැනිදා මවක සහ දියණියක ඔවුන්ට අයත් මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හැව්ලොක් ටවුන්  ඊශ්වරි පාර ප්‍රදේශයේදී සැකකාර පියා සහ පුතා ගමන්ගත් වාහනයට මග අවහිර කළේ යැයි උරණව ඔවුන් ගමන්ගත් වාහනයට ඉස්සර කර මග අවහිර කරමින් පැමිණි සැකකරුවන් කිරුළපන බේස්ලයින් සංඥා පද්ධතිය අසලදී සැකකාර පියා හස්ත මුද්‍රාවෙන් මවට සහ දියණියට ලිංගික අතවර කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරුගේ එම පහත් ක්‍රියාව මෝටර් රථයේ ගමන් ගත් පැමිණිලිකාරියගේ  දියණිය විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ  කර සමාජ මාධ්‍යවලට මුදා හැර තිබූ බව  පොලිසිය කියයි.  එම වීඩියෝ දර්ශන ඔස්සේ පරික්ෂණ  සිදුකළ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක වයි .එම් . ඉනෝකා මහත්මිය ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ගමන්ගත් මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පරික්ෂණ පවත්වා පියාත් පුතාත් අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන සිද්ධාර්ථ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බවත් පැමිණිලිකාර කාන්තාව නුගේගොඩ පදිංචි පදිංචිකාරියක බවත් පොලිසිය පවසයි. වයස අවුරුදු 52 සහ 25 අතර පසුවන සැකකාර පියාත් පුතාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


- බිමල් ශ්‍යාමන් ජයසිංහ-