පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කලේය.
හරීන් ප්‍රනාන්දු මහතාට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දී ඇති අතර ඔහු රෝහල්ගතවී ඇති බවද වාර්තා විය.

හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවූ ගුටිබැට හුවමාරුව ඊයේ ාවර්තාවූ අතර ඊට අමතරව හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය කීපයක් රැගෙන ඒ මේ සිද්ධියක් වාර්තාවී ඇත. ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් පත් කිරීමට තමා තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ අද (22 )පැවැසී ය.

එම කමිටුව ඉදිරියේදී ලබා දෙන තීරණ අනුව තමා කටයුතු කරන බව ද කතානායක වරයා කීය .

පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටතදී ඊයේ සිදු වූ එම සිදුවීම් ඉතා අවාසනාවන්ත මෙන්ම ලැජ්ජා සහගත බව කී අබේවර්ධන මහතා එවැනි සිදුවීම් කිසිවකුත් අනුමත නොකරන බව ද බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ සභානායක සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටත දී සිදුවූ එම නොගැළපෙන සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර තමාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ව නිරන්තරයෙන්ම සී.අයි.ඩී යට ගෙනැවිත් තමා පිළිබඳව තොරතුරු විමසන බව හරින් ප්‍රනාන්දු සමගි ජන බලවේග මන්ත්‍රීවරයා මින් ඉහත කියා තිබුණි.
තමාට නිදහසේ පල්ලියකට යාමටවත් නොහැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමන් එම ස්ථානවලට ගිය විට තමන් පිළිබඳ ඔත්තු බැලීමට සී.අයි.ඩි ය එම ස්ථානවලටද පැමිණෙන බව මන්ත්‍රීවරයා කියා තිබුණි.