fake-telephone-call

ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලෙස හදුන්වා දී කටුනායක ගුවන්තොටුපළේ
කළමනාකරුවකුට දුරකථනයකින් බලපෑම් කළ පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන කරන බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.

ඉකුත් දින ලද එම ඇමතුම ගුවන්තොටුපොළ දුරකථන ක්‍රියාකරු විසිනච් කළමනාකරුවකුට යොමු කර ඇතැයි
පොලිසිය කියයි.

තමන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලෙස හදුන්වා දුන් පුද්ගලයා ඊයේ (4දා)
කටාර් ගුවන් යානයකින් ජනාධිපතිවරයාගේ ඥාතියකු දිවයිනට පැමිණෙන බවත් එම අයට ප්‍රමුඛත්වය ලබාදී
කටයුතු කරන ලෙසටත් දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

එම ගුවන් මගියාගේ විස්තර විද්්‍යුත් තැපෑලක් මඟින් යොමුකරන බව පවසා එම ඇමතුම විසන්ධි කර තිබූ බව
පොලිසිය කියති.



ලද එම ඇමතුම සම්බන්ධයෙන් කළමනාකරුට සැක සිතී ගුවන්තොටුපළ සභාපතිවරයාට ඒ බව දන්වා සිදුකළ
සොයා බැලීමේදී ජනාධිපති ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එවැනි ඇමතුමක් ලබාගෙන නොමැති බවට
අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

ඇමතුම වෙනත් පුද්ගලයකු විසින් ලබාගෙන තිබෙන බවට අනාවරණය වීමෙන් පසු කළමනාකරු විසින්
ගුවන්තොටුපළ පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

එම ඇමතුම පැමිණි අංකය 061 විදේශ අංකයක් බවට මේ වන විට අනාවරණය වී ඇති අතර විද්‍යුත්
තැපැල් ලිපිනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ගුවන්තොටුපොළ පොලිසිය කියයි.

කොළඹ - ජයසිංහ