
දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හා රාගම , බටුවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු උත්සවයකින්
තවත් කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනෙකු සොයාගත් බව ඒ ඒ ප්‍රදේශයන්හී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසා තිබේ.එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 02කින් ද කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු වාර්තා වී තිබෙයි.
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,219 දෙනෙකු කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (21) දින කොවිඩ් 19 ආසාදිත රෝගීන් 114 දෙනෙකු වාර්තා වෙයි.
