
කොරෝනා ව්‍යාප්ති අවදානම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසම
වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (21)රාත්‍රී දන්වා සිටියේය.
කොරෝනා තත්වය හේතුවෙන් හුදෙකලා තත්වයට ශ්‍රී ලංකාවේ ප්‍රදේශයක් පත් කරනු ලැබුවේ මාස ගණනාවකට පසුය.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී තිබෙන අතර
වෛද්‍යවරුන් පවසන්නේ කුලියාපිටියේ තත්ත්වය භයානක මට්ටමක පවතින බවය.
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා,
"මේ වනවිට කුලියාපිටියෙන් තදබල ලෙස රෝගීන් වාර්තා වෙනවා. අපේ හැම සෞඛ්‍ය බල ප්රදේශයකින්ම රෝගීන් වාර්තා වෙනවා. ශීක්ෂණ රෝහලෙන් දිගින් දිගටම රෝගීන් වාර්තා වෙනවා. අපේ PCRවල සියය 10ක් පමණ පොසිටිව් රේට් එකක් තියෙනවා. මේ තත්ත්වයත් සමඟ අපිට හිතේ බයක් තියෙනවා. දෙවැනි කොරෝනා රැල්ල අවස්ථාවෙදී කුලියාපිටියේ මූලික වශයෙන් මරණ සිදුවුණ, රෝගීන් විශාල වශයෙන් වාර්තා වුණ ප්‍රදේශය. මේ අවස්ථාවේදී තෙවන රැල්ලක ආරම්භය මෙහෙන් සිදුවනවාද කියන එක සැකයක් තියෙනවා. ඒ වාගේම අපි පුළුවන් තරම් ජනතාවට කියා සිටින්නේ. සියලුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමන්ගේ වගකීම ඉටුකරන්න. මොකද ඉතාමත් බැරෑරුම් තත්ත්වයක් ඉදිරියට උද්ගතවන ස්භාවයක් තමයි පෙන්නුම් කරන්නේ. දිගින් දිගටම අපේ PCRවල රෝගීන් වාර්තා වෙනවා. වැදගත්ම දේ තමයි පසුගිය රැලිවලදී එක රෝගීයෙකුගෙන් තව රෝගීයෙකුට පැතිරීමේ තත්ත්වය අවම තත්ත්වයක් තිබුණේ. මෙහිදී අපිට පෙනෙන්නට තියෙනවා ආයතන ගණන් පොසිටිව් වෙනවා. ගෙවල් පිටින් පොසිටිව් වෙනවා. ඒ හින්දා අපි මේ අවස්ථාවේදී සියලුම අපේ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට තියෙන යුතුකම ඉටුකරන්න.
තමන්ගේ ප්‍රදේශය බේරා ගන්න අපිට සහාය වෙන්න. ඒ නිසා අපිට ඔබේ සහාය උපරිම ලබාදෙන්න. දිනපතාම කරන PCRවලින් දිනපතාම රෝගීන් වාර්තා වෙනවා. දිනපතාම ඔවුන්ව යොමු කරනවා කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති අපේ ආයතනවලට. ඇත්තටම ඒ ආයතනත් පිරෙමින් පවතිනවා. ඇතැම් වේලාවට අපිට රෝගීන් ඇතුළත් කිරීමට දවසක් දෙකක් බලා සිටීමට සිදුවන තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඔබගේ යුතුකම ඉටුකරන්න කියලා කුලියාපිටිය නිවාරණ වෛද්‍ය අංශය වෙනුවෙන් ඉල්ලා සිටිනවා."
මේ අතර දික්ඔය මූලික රෝහලේ හෙදියකට සහ ඇයගේ දරුවාට කොවිඩ් වෛරසය ආසාදනයවීම නිසා එම දරුවා අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 66ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval