dimbulagala-incident

සිය නැන්දම්මාගෙන් සිදුවන හිරිහැර හා සැමියාගේ අධික බීමත්කම හේතුවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි
සමඟ වස පොවා තමාද වස බී දිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටි
වැව ගම්මානයෙන් වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව අංක 109 පදිංචි සත්‍යවේල් නලනි (28) හා 1 වසරේ ඉගෙනුම
ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකි. අවුරුදු 03ක් වයසැති දනිදු ප්‍රමෝද් බණ්ඩාර පිරිමි
දරුවා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය කාන්තාව
පෙර විවාහයෙන් දික්කසාද වී වසර 04කට පෙර ජේ.කේ. ගුණතිලක යන අය සමඟ විවාහ වී ඔහුට දාව
වයස අවුරුදු 03ක පිරිමි දරුවෙක් සිටී.  වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය
නිලධාරි වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ පොළොන්නරුව
මහෙස්ත්‍රාත් දේවිකා සී.ජයවර්ධන මෙනෙවිය පොලිසියට නියෝග කළාය.



මියගිය අයගේ සැමියා වන ජේ.කේ. ගුණතිලක(40) යන අයගෙන් මහෙස්ත්‍රාත්වරිය ප්‍රශ්න කිරීමේදී 03
දා රාත්‍රියේ මළගෙදරකට යෑමට උත්සාහ කිරීමේදී බීමත්කම නිසා බිරිය බැනවැදුණු බවත් පාන්දර 04ට
පමණ පැමිණි අතර පොඩි පුතා පාන්දර 05ට පමණ පැමිණ කතාකර අම්මට කතා කරන්න. අම්මට කතා
කරන්න “ කියා පැවසූ නිසා බීමතින්ම බිරියට හා පුතාට කතා කළත් දෙදෙනාගෙම සිරුරු දරදඬු  වී තිබුණු
බවත් තමාගේ අධික බීමත්කම නිසා මෙය සිදුවන්නට ඇති බව පැවැසීය.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ කේ.පී.ඩබ්.ප්‍රේමලාල්, සිරිපුර පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඒ.එල්. විතානගේ,  එස්.ඕ.සී.ඕ. පොලිස් ස්ථානාධිපති සුනිල්
වැලිකන්ද, පොලිස් සැරයන් නාලක ( 61595)  ගුණවර්ධන (61873),  රාජපක්ෂ (37310) ,
 වසන්ත (43761)  පොලිස් කොස්තාපල් සංජීව (87988)  යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



නවමැදගම - ශාන්ත වෙලගෙදර