mathugama-incident

වෙනත් කෙනෙකුට අයත් ආබාධිත දරුවන් දෙදෙනකුගේ ජායාරූපයක් පෙන්නා බස් රථවලට නැග ආධාර එකතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම, කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්,මොහු පසුගිය 19 වන දින මතුගම - පැලවත්ත බස් රථය තුළ දී , එකට බද්ධ වූ ආබාධිත දරුවන් දෙදෙනකු ගේ ඡායාරූපයක් මගින්ට පෙන්වා,  එම දරුවන්ගේ පියා තමා බවත් ශල්‍යකර්ම හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් වෙනුවෙන් ආධාර එකතු කරමින් සිට ඇත.

ඒ පිළිබඳ සැක සිතූ බස් රථයේ ගමන් ගත් යුද හමුදා සෙබළෙකු කරුණු විමසීමේ දී සැකකරු වංචාවක් කරන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඒ අනුව එම හමුදා සෙබළා පොලිසිය දැනුවත් කිරීමෙන් පසු බස් රථය නවත්වා, මීගහතැන්න පොලිසියේ උපපොලිස් පරීක්ෂක රත්නසිරි මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙම වැඩිදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අදාළ ඡායාරූපය වසර කිහිපයකට පෙර මාධ්‍යයේ ප්‍රචාරය වූ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ බද්ධ වූ දරුවගේ ඡායාරූපය බවත්, ආධාර එකතු කිරීම සඳහා විවිධ පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් සහතික කළ ලියකියවිලි සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි එම සහතික වසරකට පමණ කලින් ප්‍රාදේශීය සභාවකින් සහ යම් යම් පුද්ගලයන්ගෙන් ලබාගත් දින ඉකුත් වූ ඒවා බව ද අනාවරණය වී ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී තමන් විවාහකයකු බවත්, මෙම ලියකියවිලි වෙනත් පුද්ගලයකු ලබාදුන් බවත් තමන්ගේ පාසල් යන දරුවන්ට අවශ්‍ය වියදම් මෙම වංචාව සිදුකළ බවත් පොලිසිය වෙත පවසා ඇත සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 (මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)