
ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.
වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ කොළඹ බොරලැස්ගමුව හා කුරුණෑගල සාම්පල විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කළබවත් අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවය.
එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
B117 වෛරස ප්‍ර භේදය හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක් පසුගිය කාලයේ දැඩි පීඩාවට ලක්වූ අතර විශාල මරණ ප්‍රමාණයක් වාර්තා විය.
එය වයස් භේදයකින් තොරව පැතිරීම මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට හසු නොවීම භයානක තත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval