
කොරෝනා වගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මුළු රටම "ලොක්ඩවුන්" කිරීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.
රට පුරා හමුවන කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු කියා සිටියේය. එලෙස සිදු නොකළ හොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්වයකට රට පත්වීමේ ලකුණු පහළ වී ඇතැයිද රෝහණ මහතා සඳහන් කළේය. රට පුරා තැනින් තැන කොරෝනා අනුපොකුරු වාර්තා වන බවත්, ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර්. පරික්ෂණවලදී කොරෝනා ආසාදිතයන් සියයට 30ක් පමණ වාර්තා වන බව ද ඔහු පැවැසීය, මෙම තත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කර කොරෝනා ආසාදිත අනු පොකුරු හඳුනාගෙන වහාම අවශ්‍ය පියවර ගැනීත්මට කටයුතු කළ යුතුව ඇතැයිද උපුල් රෝහණ මහතා කියා සිටියේය.
(නිමල කොඩිතුවක්කු)
Comments
Post a Comment
Your comment will be visible after approval