
මේ වනවිට ගම්පහ හා ආශ්‍රිත ප්‍රදේශවල කොරෝනා රෝගීන් විශාල ලෙස වාර්තාවීමට පටන්ගෙන තිබේ. මේ හේතුවෙන් සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් ඇති අතර අලුතින් රෝගියෙකු ඇතුළත් කිරීමට හෝ එවැනි කෙනෙකුට අවශ්‍ය රෝහල් සේවාවන් ලබාදීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කර තිබේ.
මේ නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක කොවිඩ් ආසාදිත රෝගීන් නිවෙස් වලට තබා ප්‍රතිකාර ලබාදීමට තීරණය වී ඇති අතර ඒ අනුව දැනට 96 දෙනෙක් නිවෙස් තුළ රඳවා තබන්නට සිදු වී ඇතැයි ප්‍රාදේශීය
සෞඛ්‍ය අංශ දන්වා තිබේ.
කටාන රෝගීන් 25ක්, සීදුව රෝගීන් 10ක්,මිනුවන්ගොඩ රෝගීන් 20ක්, දිවුලපිටිය රෝගීන් 25ක් හා ගම්පහ රෝගීන් 16ක් මෙම 96 දෙනා අතර සිටින බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval