
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා පරිපාලන කමිටුව අවවාද කර තිබේ.
මෙම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයේදී අදාළ ක්‍රීඩකයා වැරැදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ ක්‍රීඩකයා වසරක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා සඳහා යොමු කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි. නීතීඥවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලදී.
(යොහාන් භාසුර )
Comments
Post a Comment
Your comment will be visible after approval