fraud-police

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදුකරන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බව පවසා අදාළ ත්‍යාග මුදල් ලබාගැනීමට බදු මුදලක් අවශ්‍ය බව සදහන් කරමින් පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් වංචා කිරීම පිළිබද තොරතුරු ලැබී තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. මේ නිසා කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් පාරිභෝගික කටයුතු අධිකාරිය නමින් හෝ එම අධිකාරියේ විමර්ශන නිලධාරින් යයි පවසා සිදුකරන මෙවැනි කටයුතු පිළිබද ළගම පොලීසියට පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදුකරන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු බවට පත් වී තිබෙන බවත්, අදාළ ත්‍යාග මුදල් ලබාගැනීමට බදු මුදලක් අවශ්‍ය බවත් සදහන් කරමින් මුදල් වංචා කිරීම පිළිබද පැමිලි ලැබී ඇත. එනමුත් අධිකාරිය විසින් දිනුම් ඇදීම හෝ වෙනත් ආකාරයට ජනතාවගෙන් මුදල් ලබාගැනීම සිදුනොකරන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
 (එච්.අයි. තුෂාර)