australia-new-zealand-bubble

‘කොවිඩි 19 වයිරස වසංගතය මැද, “සංචාරක බුබුළු" ක්‍රමය යටතේ නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ඊයේ (19) සිට යළි ආරම්භ විය. ඒ අනුව, කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට සිරවී සිටි පවුල්වලට නවසීලන්තයටත් ඕස්ට්‍රේලියාවන්ටත් යෑමට එමට හැකියාව ලැබුණි. සංචාරක බුබුළු ක්‍රමය යටතේ ඔවුන්ට නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට පැමිණි විට නිරෝධායන ක්‍රියාවලියට යොමු වීම අනිවාර්ය නොවේ.





නිරෝධායනයට ලක් නොවී, ගුවන් ගමන් ආරම්භ කරන්නේ ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත වැසියන් වගකීමෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය  බලධාරිහු පවසති.  ‘දින 400 කට පසුවයි මේ අයුරින් ඕස්ට්‍රේලියා නවසීලන්ත ගුවන් ගමන් ආරම්භ වන්නේ . දිනපතා ගුවන් ගමන් 16 ක් නවසීලන්තය සහ ඕස්ටේලියාව අතරේ ක්‍රියාත්මක වෙනවා." යැයි ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවයේ ප්‍රධානී, ඇලන් ජොයිස් පවසා ඇත.  ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 29, 500 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 910 ක් ලෙසය.


නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2,200 කි. මරණ  වාර්තා වන්නේ 26 ක් පමණි.  ලෝකයේ ඉතා සාර්ථක අන්දමින් “කොවිඩ් 19" වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ රටක් ලෙස සැලකෙන්නේ නවසිලන්තයයි.