wimal-cigar-promo

ඇමති විමල් වීරවංශගේ අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව ඊයේ (17) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිකොටින් රහිත කුරුඳු සිගරට්ටුව සම්බන්ධයෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නාටා) අතර ගැටුමක් හටගෙන තිබේ.


එම සිගරැට්ටුව ශුන්‍ය නිකොටින් අඩංගු බව සඳහන් වුවද එය නීති විරෝධී යැයි නාටා සලකන අතර, එම සිගරැට්ටුව ප්‍රවර්ධනය කිරීම වරදක් බව පෙන්වාදී ඇත. කෙසේ වෙතත් ඒ සඳහා නීතිමය රාමුව වෙනස් කිරීමට තමන් කැමති බව ඇමති වීරවංශ පවසා ඇත.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා කියා සිටින්නේ නාටා මේ දක්වා රටේ ක්‍රියාත්මක කළ දුම්කොළ පාලන ක්‍රියාමාර්ග ඵලදායී වී ඇති බවයි. කෙසේ වෙතත්, සිගරට් එකක් හඳුන්වාදීම විශේෂ කාරණාවක් බවත්, එහි කුරුඳු පමණක් අඩංගු වුවද නීතිමය රාමුව තුළ පිහිටිය යුතු බවද දන්වා ඇත.

කෙසේ වෙතත් අඩුවෙමින් පවතින වෙළඳපොළ අල්ලා ගැනීමට මේ ආකාරයේ උපායක් යෙදීම දුම්කොළ කර්මාන්තය විසින් අවසන් තුරුම්පුවක් ලෙස පාවිච්චි කරනු ඇති බව ඔහු කියා සිටියේය.
තම ආයතනය දුම්කොළ පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී ධනාත්මක අභියෝගයක් ලෙස කුරුඳු මත පදනම් වූ සිගරට් සලකන බව නාටා ආයතනය දැනුම් දුන්නේය.