medirigiriya-protest

බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීමට උපයෝගී කරගන්නා කාමර පහසුකම් ලබාදෙන ලැගුම්හල්කරුවන්ට එරෙහිව මැදිරිගිරිය අබයපුරගම ජී.පී.එස්. හන්දිය ප්‍රදේශයේ ඊයේ (17දා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

පසුගියදා කුඩා දැරියක් පුද්ගලයන් සිවුදෙනකු ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගොස් අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රදේශවාසීහු ලැගුම්හල්කරුවන්ට එරෙහිව මෙලෙස විරෝධතාවේ නිරත වූහ. බාලවයස්කාර දරුවන්ට සහ අනියම් සම්බන්ධකම් පවත්වන අය සදභා මෙම ලැගුම්හල්කරුවන් විසින් කාමර පහසුකම් ලබාදීම තුළින් දරුවන් විනාශ වෙනවා සේම ගම්බද සිටින තරුණ අඹු-සැමියන්ද විනාශයට පත්වන බැවින් බලධාරීන් මැදිහත්වී වහාම එම ලැගුම්හල් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස විරෝධතාකරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

 (හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක)