sarath-weerasekara-burka

"බුර්කාව තහනම් කිරීම පිළිබඳ යෝජනාව කැබිනට් එකේ සාකච්ඡා කරල තමයි පාර්ලිමේන්තුවට යා යුත්තේ​. මේ පාස්කු ප්‍රහාරය එල්ලවුණේ පහුගිය රජය කාලේ. එතනදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇති කළා.
 
ඒ ඇති කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ හිටපු මුස්ලිම් අමාත්‍යවරුත් සිටියා. ඔවුන් සියලුදෙනාගේම නිර්දේශත් මේකමයි.මද්‍රසා පාසල්, බුර්කාව තහනම් කළයුතු කියන එක.ඒ නිර්දේශ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ සඳහා කිසිම කෙනෙකුගේ විරුද්ධත්වයක් නෑ.

නමුත් තවම මේ පිළිබඳව කැබිනට් එකේ සාක්ච්ඡාවට භාජන කළේ නැතැයි මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කළේය.

මිරිහාන පොලිසියේ පෙරේදා (16 වැනිදා) පැවැති උත්සවයකට සහභාගී වෙන අතරේ බුර්කාව තහනම් කිරීමේ ලියවිල්ල කැබිනට්ටුව හමුවට තවමත් ඉදිරිපත් නොවීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

මේ සඳහා පාකිස්තාන රජය යම් විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමේදී පැවසුවේ ‘‘අපි කටයුතු කරන්නේ අපේ රජයට අවශ්‍ය විදිහට මිසක් පාකිස්තාන රජයට ඕන විදිහට නෙවෙයි. ඒ නිසා මේ ගැන ජනතාව කලබල විය යුතු නෑ.’’ යනුවෙනි.

දිනේෂ් රූපසිංහ - පිළියන්දල