who-covid19-update

ලොව පුරා වාර්තා වන COVID-19 නව ආසාදිනයන් සංඛ්‍යාව සති හතකට පසුව පසුගිය සමයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවස සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 වසංගනය පිළිබඳ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් දෛනික මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කර තිබේ.

"මේ අවදානම ගැන අපි හැමදෙනාම අවධානය යොමු කරන්නෙ වෙනවා.  අපි මෙය අතහැරීයොත් යළිත් වටයකට වෛරසය ව්‍යාප්ත වේවි." යනුවෙන් ඇය පවසා ඇත.මෙහිදී අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ආදානොම් ගෙබ්‍රෙයේසුස් මෙලෙස ආසාදිතයන් ඉහළ යාම කලකිරවන අවස්ථාවක් වුණත්, එය පුදුම සහගත දෙයක් නොවන බව පවසයි. ඒ අනුව මෙම වසංගතයට එරෙහි සටනේදී කිසිදු ලෙසකින්වත් සීමා කිරීම් ලිහිල් නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි. විශේෂයෙන්ම රටවල් COVID-19 මර්දන එන්නතට අවස්ථාව ලබාදී සිය සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් විය හැකි බව ඔහු පවසා ඇත. "රටවල් මේ එන්නතට තැන දීලා අනෙක් දේවල් අමතක කළත්, එය ඔවුන් කරගන්නා වැරැද්දක් වේවි. ඒනිසා සැමවිටම මහජන සෞඛ්‍ය පිළිබඳව දැනට පනවා ඇති සීමා එලෙසින්ම ආරක්ෂා කරගැනීම වැදගත්." යනුවෙන් ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් ලොව අඩු ආදායම්ලාභී රාජ්‍යයන් වෙත එන්නත් මිලදී ගැනීම සඳහා මුදල් ලබාදෙන covAX වැඩසටහන එලෙසින්ම ක්‍රියාත්මක වන බවත්, එහිදී පළමුවැනි එන්නත් තොග ලැබුණු ඝානාව සහ අයිවරි කෝස්ට් රාජ්‍යයන් පසුගිය සඳුදා තම රටවල එන්නත්කරණයෙන් ඇරඹු බවත් ඔහු පවසා තිබේ.මෙම හමුවේදී අදහස් දක්වා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ,අවස්ථා වැඩසටහන්නේ විශේෂඥ වෛද්‍ය මයික් රයන්, අද වනවිට covid-19 වෛරසයට එරෙහි ගෝලීය සටන දැනට සති 10කට පෙරාතුව. ලොවපුරා එන්නත්කරණය ඇරඹුණු අවස්ථාවට සාපේක්ෂව වඩාත් හොඳ මට්ටමක පවතින බව පවසා ඇත. එහෙත් මෙම එන්නත්කරණය නිසා ලොව තුළ වසංගතය පාලනය ඇතැයි යන්න ප්‍රකාශ කිරීමට එය කල් වැඩි බවද ඔහු සඳහන් කර තිබේ.