jeff bezos rocket

ලොව සුප්‍රසිද්ධ ඇමසෝන් සමාගමේ හිමිකරුවා වන ජෙෆ් බෙසොස්ගේ බිලූ ඔර්ජින් අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබූ ලන් රොකට්ටුවේ මෙහෙයුම් ලබන වසරේ සිවුවැනි කාර්තුව දක්වා කල් දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි. 

මෙම ග්ලෙන් රොකට්ටුව වෙත එක්සත් ජනපද රජයේ ඩොලර් බිලියන ගණනක් වටිනා ජාතික ආරක්ෂක කොන්ත්‍රාත්තුව (NSSL- National Security Space Launch)හිමි කරගැනීමට අපොහොසත් වීම ඊට හේතුව බව ඕලූ ඔර්ජින් සමාගම පවසයි.අද වනවිට ජෙෆ් බොසොස්ගේ මෙම බ්ලූ ඔර්ජින් සමාගම හා තරගයට එලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් මෙන්ම බොයිං සහ ලොකීඩ් මාර්ටින් යන  සමාගම් එක්ව පිහිටුවා තිබෙන යුනයිටඩ් ලෝන්ච් එලායන්ස් යන සමාගම්ද ඉදිරිපත්ව සිටියි.